Wonderful Windows Quick Keys

පරිගණකයක් භාවිතා කරන ඔබ දැනගත යුතුම keyboard shortcuts 20 ක්.

සමහර keyboard shortcuts තියෙනවා ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමග වගේම, ඕනෑම මෘදුකාංගයක් සමග කිසිම ගැටලුවක් නැතිව භාවිතා කළ හැකි. මේ එවැනි ඔබ දැනගත යුතුම keyboard shortcuts 20 ක්.

සාමාන්‍යයෙන් ඔනෑම මෙහෙයුම් පද්ධතියක් එක්ක, ඕනෑම සොෆ්ට්වෙයාර් එකක් එක්ක keyboard shortcuts සිය ගණනක් අපිට ඉදිරිපත් කරන එක අනිවාර්ය අංගයක්. නමුත් මේ හැම keyboard shortcut එකක්ම අපිට මතක තියාගන්න බෑනෙ නේද?

හැබැයි, සමහර keyboard shortcuts තියෙනවා ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමග වගේම, ඕනෑම මෘදුකාංගයක් සමග කිසිම ගැටලුවක් නැතිව භාවිතා කළ හැකි. ඒ keyboard shortcuts නම් ඔබ දැනගත යුතුමයි. මේ එවැනි keyboard shortcuts 20 ක්.

ඔබ Keyboard shortcuts භාවිතා කරන්න හොදට පුරුදු කෙනෙක් වුනොත්, ඔයාට ඕනෑම අලුත් මෘදුකාංගයක් ඉක්මනින් ඉගෙන ගන්න එක ඉතා පහසු වේවි.

එහෙනම්, වැඩිය කතා නැතිව බහිමුද වැඩේට?

01. Windows Key– වින්ඩෝස් වල විතරක් නෙවෙයි, බොහෝ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවලදී ත් පද්ධතියේ ප්‍රධාන මෙනුව (start menu) විවෘත කිරීමට මේ keyboard shortcut එක භාවිතා කරනවා.

02. F1 – ඔබට යම් මෘදුකාංගයක් භාවිතා කරන අතරේ ගැටලුවක් මතු වුනොත්, මේ යතුර ඔබන්න. මෘදුකාංගයත් සමගම පරිගනකයේ ඉන්ස්ටෝල් වී ඇති help වින්ඩෝ එක විවෘත වේවි. මේ help වින්ඩෝ එක තුල ඔබට මෘදුකාංගය භාවිතා කිරීමට අවශ්‍ය සියලුම උපදෙස්, පාඩම්, keyboard shortcuts ආදිය ඇතුලත් කරලා තියෙනවා.

03. F2 – දැනට තේරී ඇති file එකක, folder එකක නම වෙනස් කිරීම

04. F5 – Desktop එක refresh කිරීම

05. ESC – දැනට සිදුවෙමින් පවතින විවිධ කාර්යයන් (උදාහරණ: copy/move files, වෙබ් බ්‍රව්සරයක වෙබ් පිටුවක් ඩවුන්ලෝඩ් වීම, ආදී) වහාම නවතා දැමීමට. විවෘත වී ඇති dialog box එකක් වසා දැමීමටත් මේ යතුර භාවිතා කරන්න පුලුවන්.

06. Windows key + D – දැනට විවෘත කර ඇති සියලුම මෘදුකාංග වින්ඩෝ minimize කර ඩෙස්ක්ටොප් එක වෙත යාම.

07. ALT + SHIFT – ටයිප් කරන භාෂාව වෙනස් කිරීම. ඔබ ඉංග්‍රීසි සහ සිංහල යුනිකෝඩ් යන input methods දෙකම භාවිතා කරන කෙනෙක් නම් මේ keyboard shortcut එක බොහෝ වැදගත් වේවි.

08. ALT + F4 – දැනට ඉදිරියෙන්ම ඇති, සක්‍රීය වින්ඩෝව වසා දැමීම

09. CTRL + A – file manager තුල ඇති file/folder සියල්ලම හෝ මෘදුකාංගයක ඔබ ඇතුලත් කර ඇති සියලුම තොරතුරු එකවර select කිරීම

10. CTRL + C – මෘදුකාංගයක තේරී ඇති ඕනෑම දෙයක් එහි තිබියදීම එහි අනුපිටපතක් වෙනත් තැනකට යැවීම සදහා තාවකාලිකව save කර ගනී (Copy).

11. CTRL + X – මෘදුකාංගයක තේරී ඇති ඕනෑම දෙයක් එතැනින් ඉවත් කර වෙනත් තැනකට යැවීම සදහා තාවකාලිකව save කර ගනී (Cut).

12. CTRL + V – copy හෝ cut කරගත් දෙය වෙනත් ස්ථානයකට යැවීම (Paste).

13. CTRL + S – දැනට කරමින් ඇති කාර්යය save කිරීම.

14. CTRL + N – විවෘත කර ඇති මෘදුකාංගයේ අලුත් වින්ඩෝවක් විවෘත කර ගැනීම.

15. CTRL + P – Print වින්ඩෝව විවෘත කිරීම.

16. SHIFT + DELETE – තේරී ඇති file/folder එකක් හෝ කිහිපයක් Recycle bin එකට නොයවා කෙලින්ම delete කර දැමීම (පාවිච්චි කරාට කමක් නෑ, මේකට පුරුදු වෙන්න නං එපා හොදේ! දන්නවනෙ ඇයි කියලා?)

17. CTRL + TAB – වෙබ් බ්‍රව්සර් එකක ඕපන් කර ඇති tab අතර මාරු වීම

18. CTRL + Z – අවසාන වරට කල ක්‍රියාව අවලංගු කිරීම (Undo). file එකක් වැරදිලා හරි delete වුනොත් මේක ට්‍රයි කරලා බලන්න. (හැබැයි shift+delete වලට හරියන්නෙ නෑ) Word, Photoshop වගේ මෘදුකාංග වලදීත් මේක ට්‍රයි කරලා බලන්න.

19. CTRL + Y – අංක 18 න් කියපු undo වලින් අවලංගු කල කාර්යයක් නැවත කිරීම (Redo).

20. SHIFT + F10 – තේරී ඇති දෙයට අදාල right click menu එක විවෘත කිරීම. ඔය වැඩේම මෙන්න මේ යතුරෙනුත් කරන්න පුලුවන්.

21. CTRL + Mouse wheel – ඡායාරූපයක් හෝ මෘදුකාංගයක වැඩ කරන කොටස zoom කිරීම

Keyboard shortcuts දහස් ගණනාවක් අතරින් අත්‍යවශ්‍යයි කියලා හිතෙන shortcuts 20 ක් වෙන් කරගන්න එක ලේසි පාසු වැඩක් නම් නෙවෙයි. ඒ නිසා මම දන්නවා අනිවාර්යයෙන්ම මට මේ වගේම වැදගත් shortcuts ගණනාවක් මග හැරිලා තියෙනවා. ඒ වගේම යම් keyboard shortcut එකක් ඔයාට අත්‍යවශ්‍ය ද කියන එක ඇත්තටම මට තීරණය කරන්න බෑ. ඒක තීරණය වෙන්නේ සම්පූර්ණයෙන් ම ඔයා පරිගනකයේ වැඩිපුරම කරන කාර්යය අනුව.

ඉතින් ඒ වගේ මට මගහැරුනු වැදගත් keyboard shortcuts මොනවාද කියලා අනිත් අයටත් දැනගන්න මේ පෝස්ට් එකට කමෙන්ට් කරමු නේ ද?

Leave a Reply

Please Login to comment
avatar
1000

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
Notify of