Search the Web with Google

Google සෙවුම් යන්ත්‍රයෙන් ඉක්මනින්, නිවැරදිව Search කරන්නේ මෙහෙමයි

Android home screen
Android home screen

ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, Google තමයි ලෝකෙ ජනප්‍රියම වෙබ් අඩවිය වගේම search engine එක. Google search engine එක ලෝකයේ කොච්චර ජනප්‍රියයි ද කිව්වොත්, මොකක් හරි නොදන්නා අලුත් දෙයක් ගැන අපේ ඔලුවට ආව ගමන් මතක් වෙන්නේ Google.

Smartphone එකක් පාවිච්චි කරන හැම කෙනෙක්ම අඩුම තරමේ දවසට එක සැරයක් හරි Google වෙබ් අඩවියට පිවිසිලා ඒකේ සර්ච් පාරක් දානවාමයි. බොරුද මම කියන්නේ, එහෙනම් කියන්නකෝ ඔය screenshot එකේ තියෙන විශේෂාංගය පාවිච්චි කරන්නේ නැද්ද කියලා.

ඉතින් මම අද ඔයාලත් එක්ක කතාබහ කරන්න යන්නේ වැඩ්ඩෙක් වගේ Google සෙවුම් යන්ත්‍රය භාවිතා කරන්න වැදගත් වෙයි කියලා හිතෙන පොඩි පොඩි tips ටිකක්.

01. සර්ච් කරන්න අවශ්‍ය නිවැරදිම වචනය භාවිතා කරන්න‍

Google වල සර්ච් කරන්න ගියාම අපේ අතින් වෙන වැරැද්දක් තමයි අපිට තොරතුරු හොයා ගන්න අවශ්‍ය මාතෘකාව පැත්තක තියෙද්දී වෙනත් වචන භාවිතා කිරීම.

උදාහරණයක් විදියට, ඔයාගේ වින්ඩෝස් 10 පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න නොමිලයේ දෙන හොද ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් එකක් ගැන විස්තර දැනගන්න ඕනෙ නම් ඔයා කොහොමද ඒක Google ගෙන් අහන්නේ?

“Antivirus software” කියලා සර්ච් කලොත් ඔයාට අවශ්‍ය තොරතුර හොයා ගන්න පුලුවන් වෙයිද? කොහෙත්ම බැහැ. ඒක ටිකක් පුළුල් වචනයක් නිසා ඔයාට ලැබෙන්නේ Google ads කිහිපයකුයි antivirus software ගැන සාමාන්‍ය විස්තර ටිකකුයි විතරයි.

වචනය විශේෂ කරන්න, මෙන්න මේ වගේ. එතකොට ඔයා හොයන දේට අදාල උත්තරේ Google වලින් හොයා ගන්න පුලුවන්, ටක්කෙටම!

  • antivirus software
  • free antivirus software
  • free antivirus software for windows
  • free antivirus software for windows 10

02. Google වලට ලොගින් වෙන්න

ඔබ Google වලට ලොගින් වී සිට එහි සර්ච් කරන සෑම අවස්ථාවකම එම සෙවුම් පිළිබද තොරතුරු ඔබේ Google account එකේ සේව් වෙනවා. ඔබට වඩාත් නිවැරදි තොරතුරු ලබා දීමට එය වැදගත් වෙනවා.‍

කෙසේ වෙතත්, ඔබ Google search භාවිතා කරන්නේ එකම ඩිවයිස් එකකින් නම් Google වලට ලොගින් වී නොසිටියත් ඔබේ සෙවුම් තොරතුරු තාවකාලිකව වෙබ් බ්‍රව්සරයේ ගබඩා වෙන බව මතක තියා ගන්න.

ඔබට වඩාත් නිවැරදි තොරතුරු Google සෙවුම් හරහා ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ දැනටමත් භාවිතා කරන Gmail ගිණුම භාවිතා කරමින් Google වෙත ලොග් විය හැකියි. ඔබට Gmail ගිණුමක් නොමැති නම් අලුත් ගිණුමක් හදා ගන්න මේ ලින්ක් එකට පිවිසෙන්න.

03. Search Results වර්ග භාවිතා කරන්න

Google search results පිටුවක දකින්න ලැබෙන, පහතින් දැක්වෙන තිර රූපයේ රතු පාටින් හයිලයිට් කර තිබෙන කොටස ඔබ කී වතාවක් පාවිච්චි කරලා තියෙනවාද?

Effectively Search The Web Using Google

ඇත්තටම මේ කොටසින් අපිට විවිධ වර්ගයේ search results බලා ගන්න පුලුවන් ලේසියෙන්ම. ආයෙ ආයෙ search keyword ඇතුලත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම සෙවුම් වචනයට අදාල වෙබ් අඩවි, ඡායාරූප, වීඩියෝ, නවතම පුවත්, පොත් පත්, පර්යේෂණ පත්‍රිකා, ඇතුලු බොහෝ දේවල් අපිට මෙතනින් බලා ගන්න පුලුවන්.

04. “I’m Feeling Lucky” භාවිතා කරලා තියෙනවාද?

Google search bar එකේ ඔබට අවශ්‍ය වචනය ටයිප් කරලා “Google search” බොත්තම උඩ ක්ලික් කරන එක හෝ කීබෝඩ් එකේ “එන්ටර්“ යතුර ඔබන එකනෙ සාමාන්‍යෙයන් අපි කරන්නේ. හැබැයි, ඔබ එක්වතාවක් හරි “I’m Feeling Lucky” බොත්තම උඩ ක්ලික් කරලා තියෙනවාද?‍

මොකක්ද මේ බොත්තමෙන් වෙන්නේ? වැඩි දෙයක් නැහැ, “I,m Feeling Lucky” බොත්තම උඩ ක්ලික් කල වහාම Google විසින් ඔබව search results පිටුවට නොයවා කෙලින්ම search results වල අංක 01 ට ශ්‍රේණිගත වන වෙබ් පිටුවට ඔබව යොමු කරනවා. 😲😲😲

05. Search Filters භාවිතා කරන්න.

Search filters කියන්නේ ඔබේ සෙවුම් ප්‍රතිපලය තවදුරටත් ඔබට අවශ්‍ය තොරතුර ලැබෙන ආකාරයට සකස් කර ගන්න තියෙන ටූල් එකක්. සාමාන්‍ය වේලාවට මේ filters සැගවී තිබුනත්, පහත තිර රූපයෙන් පෙන්වන “Tools” බොත්තම උඩ ක්ලික් කිරීමෙන් එය මතු කරගන්න පුලුවන්.

Effectively Search The Web Using Google

හැම search type එකකටම මේ වගේ ටූල් සෙට් එකක් තියෙනවා. ඒ හැම එකක්ම ට්‍රයි කරලා බලන්න. බය වෙන්න එපා, බල්ලො 🐶🐕🦮 කන්නේ නෑ හරිය?

අලුත් යමක් ඉගෙන ගත්තද?

එහෙනම් ඉතින් තවත් බලා ඉන්න එපා, දැන්ම ට්‍රයි කරන්න. දන්නවනෙ, අත්හදා බැලීමකින් තොරව කොම්පියුටර් ඉගෙන ගන්නවා කියලා එකක් මේ ලෝකෙ නෑ! බය වෙන්න එපා, කලිනුත් කිව්වා වගේ බල්ලො කන්නෙ නෑ.

හැබැයි, මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මට අනිවාර්යයෙන්ම කොමෙන්ට් එකකින් ඒක කියන්න. අනිවාර්යයෙන්ම මම ඔයාගෙ හැම ප්‍රශ්ණයකටම උත්තර දෙනවා. (කොම්පියුටර් ගැන විතරයි හොදේ? 😄😄😄)

Featured image credit: https://www.pcmag.com/news/365448/fortnite-ripple-and-stan-lee-here-are-googles-top-search

1
Leave a Reply

Please Login to comment
avatar
1000
1 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
0 Comment authors
ඕනෑම මෘදුකාංගයක් පහසුවෙන්, ඉක්මනින් ඉගෙන ගන්නේ මෙහෙමයි. • The ICT Helpline For Sri Lankans Recent comment authors

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
newest oldest most voted
Notify of
trackback

[…] තොරතුරු ලබාගන්න පුලුවන්. ඒකට ඉතින් Google search එකක් හරියට කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්නත් […]