5 Tips for Choosing the Right Font for Your Website

Fonts

වෙබ් අඩවියක් නිර්මාණය කරන හැම කෙනෙක්ම වගේ මුහුණපාන ලොකු ගැටලුවක් තමයි “මගේ වෙබ්සයිට් එකට හොදටම ගැලපෙන ෆොන්ට් එක මොකක්ද?” කියන එක.

ඇත්තටම ඔයා මොන ෆොන්ට් එක තෝර ගත්තත්, එය පහසුවෙන් කියවන්න විතරක් නෙවෙයි, පහසුවෙන් තේරුම් ගන්නත් පුලුවන් එකක් විය යුතුමයි.

ෆොන්ට් එකක අකුරු විතරක් නෙවෙයි අකුරුවල හැඩයෙනුත් ඔයාගෙ වෙබ් අඩවියේ පෙනුමට වගේම එහි අදහසටත් ලොකු ‘හැඩයක්’ එක් කරනවා.


ඉතින් මම මේ ලිපියෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ ඔයාගේ වෙබ් අඩවියේ theme එක, එහෙමත් නැතිනම් මූලික සංකල්පයට වඩාත්ම ගැලපෙන හොද ෆොන්ට් එකක් තෝර ගන්න වැදගත් වෙන ඉගි පහක්.

01. ෆොන්ට් වර්ගය (Font Category)

අන්තර්ජාලය තුල විවිධ ෆොන්ට් වර්ග සිය ගණනක් භාවිතා වුනත්, 80% ක් වෙබ් අඩවි වල භාවිතා කරන ෆොන්ට් වර්ග පහක් තමයි මේ. ඒ අතරින් ඔයාගේ වෙබ් අඩවියේ සංකල්පයට ගැලපෙන ෆොන්ට් වර්ගය තෝරා ගන්න.

i. Serif – වැදගත් හෝ සාම්ප්‍රදායික අදහසක් ගෙන එන ෆොන්ට් වර්ගයක්

5 Tips for Choosing the Right Font for Your Website

ii. Sans Serif – නවීන සහ සරල අදහසක් ගෙන එන ෆොන්ට් වර්ගයක්

5 Tips for Choosing the Right Font for Your Website

iii. Decorative/Display – විශේෂ අවස්ථාවකදී පමණක් ඉතා සීමිතව භාවිතා කල යුතු ෆොන්ට් වර්ගයක්

5 Tips for Choosing the Right Font for Your Website

iv. Handwriting/Script – අලංකාර එහෙත් සරල, විනෝදාත්මක, අක්‍රමවත් අදහසක් ගෙන එන ෆොන්ට් වර්ගයක්. ඉතා සීමිතව භාවිතා කල යුතුයි.

Hand

v. Monospace – තාක්ෂණික යෙදුම් සදහා උචිත ෆොන්ට් වර්ගයක්. පරිගණක කේතකරණයේදී බහුලව භාවිතා කරයි.

Monospace font

02. ඔබේ වෙබ් අඩවියේ ලිපිවලින් කියවෙන පණිවුඩය

මම ඉහතින් සදහන් කලේ එක් එක් ෆොන්ට් වර්ගය භාවිතා කරන්න පුලුවන් විවිධ අවස්ථා කිහිපයක්. ඒත් මේ හැම ෆොන්ට් වර්ගයකින්ම ඊටම ආවේණික වුණු ගුණාංග, එහෙමත් නැතිනම් ලක්ෂණ කිහිපයක්ම නිරූපණය කරනවා.

අන්න ඒ ලක්ෂණය ඔයාගෙ වෙබ් අඩවියේ මූලික සංකල්පය සමග ගැලපෙන විදියට ෆොන්ට් එක තෝරා ගන්න.

  1. Serif – සාම්ප්‍රදායික බව, පිළිවෙල, සැප පහසුව, විශ්වාසනීය බව
  2. Sans Serif – නවීන බව, කාලීන බව, සරල බව, දියුණු වන ස්වභාවය
  3. Decorative/Display – මිත්‍රශීලී බව, අනන්‍ය බව, ප්‍රබල, හාස්‍යජනක
  4. Handwriting/Script – ආදරණීය බව, අතිශයෝක්තිය, අද්භුත බව, අලංකාර බව
  5. Monospace – තාක්ෂණික බව

Google Fonts වෙබ් අඩවියට ගොඩ වුනොත්, ඔයාට මේ හැම ෆොන්ට් වර්ගයකටම අදාල ෆොන්ට් සිය ගණනක් දැක ගන්න පුලුවන්.

03. පැහැදිලි සහ පහසුවෙන් කියවිය හැකි බව

ඉහතින් දක්වා ඇති ෆොන්ට් අතරින් ඔයා මොන ෆොන්ට් එක තෝරා ගත්තත්, එය පහසුවෙන් කියවිය හැකි පැහැදිලි ෆොන්ට් එකක් විය යුතුමයි.

Readable fonts
Readable fonts

කාටහරි ඔයාගෙ වෙබ් අඩවියේ ලිපියක එක වාක්‍යයක් පවා කියවලා තේරුම් ගන්න වැඩිපුර කාලයක් වැය වෙනවා නම්, එයා නැවත ඔයාගෙ වෙබ් අඩවියට එන එකක් නැහැ.

04. ෆොන්ට් කිහිපයක් එකම පිටුවක භාවිතා කිරීම

ඔයාට සමහර විට එක තනි ෆොන්ට් එකකින් ලිපියක සම්පූර්ණ පණිවුඩය ඉදිරිපත් කරන්න බැරි වෙන්න පුලුවන්.

එවැනි අවස්ථාවක දී ඔයාට ෆොන්ට් කිහිපයක් ම භාවිතා කරන්න සිදු වේවි. නමුත් මතක තබා ගත යුතුයි, ‘කිසිම විටක එකම ලිපියක් තුල ෆොන්ට්ස් පහකට වඩා භාවිතා කරන්න එපා’.

ඒ වගේම, ෆොන්ට් කිහිපයක් භාවිතා කරන අවස්ථාවක දී මේ රීති දෙක මතක තියා ගන්න.

  1. ෆොන්ට්ස් එකිනෙක ගැලපිය යුතුයි.
  2. එකිනෙකින් පහසුවෙන් වෙන්කර හදුනා ගත හැකි විය යුතුයි.

05. අකුරුවල බර සහ හැඩ

ඔයාට ලිපියක ඡේද තුල බොහෝ අවස්ථාවල වචනවල bold, italic, underline වගේ සරල වෙනස්කම් කරන්න සිදු වේවි. නමුත් මේ සරල වෙනස්කම් තුන පමණක් භාවිතා කරමින් ඔයාට ඔයාගේ ලිපියකින් ඉදිරිපත් කරන්නට අදහස් කරන පණිවුඩය ඉදිරිපත් කරන්න බැරි වෙන්න පුලුවන්.

අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි ඔයා භාවිතා කරන ෆොන්ට් එකේ “බර සහ හැඩ” වැදගත් වෙන්නේ. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම ඉතා පුළුල් සීමාවක් තුල “බර සහ හැඩය” වෙනස් කල හැකි ෆොන්ට් එකක් තෝරා ගන්න උත්සාහ කරන්න.

Font with Many Styles

මම මේ ලිපියෙන් උත්සාහ කලේ ඔයාගෙ වෙබ් අඩවියෙන් ඉදිරිපත් කරන මූලික පණිවුඩය, එහෙමත් නැතිනම් theme එකට වඩාත්ම ගැලපෙන ෆොන්ට් එකක් හෝ කිහිපයක් තෝරා ගන්නේ කෙහොමද කියන දේට සරල පිලිතුරක් දෙන්න.

නමුත් මම මේ ලිපිය තුල කිසිම ෆොන්ට් එකක නමක් උදාහරණයක් විදියට නොගෙන ඉන්න ප්‍රවේශම් වුනේ විශේෂ හේතුවක් මත. ඒ තමයි, ඔයාගෙ වෙබ් අඩවියට වඩාත් ගැලපෙන ෆොන්ට් එක තීරණය කිරීමේ පූර්ණ අයිතිය ඔබ සතුයි වගේම එය ඔයාගේ අත්දැකීම් සහ අත්හදා බැලීම් මත තීරණය වන්නක් නිසා.

කොහොම වුනත්, මේ ලිපිය සම්බන්ධයෙන් ඔයාට මොකක් නමුත් ගැටලුවක් තියෙනවා නම් පොඩි කොමෙන්ට් එකකින් ඒක ඉදිරිපත් කරන්න පුලුවනි. ලිපිය ඔයාට ප්‍රයෝජනවත් වුනා නම් තවත් කෙනෙකුට දැනගන්න අමතක නොකර ෂෙයාර් කරන්න.

Leave a Comment on this Post

Please Login to comment
avatar
1000

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
Notify of
Scroll to top