How to Create a Strong Password

පාස්වර්ඩ් (මුරපද) භාවිතා කිරීමේදී බොහෝ දෙනා කරන වැරදි 05 ක්.

පාස්වර්ඩ් එකක්, එහෙමත් නැත්නම් මුරපදයක් කියන්නේ අන්තර්ජාලය තුල ඔබේ කටයුතු සුරක්ෂිතව තබා ගැනීමට උපකාරී වන ආරක්ෂිත පළිහක් ලෙස හදුන්වන්න පුලුවන්. තවත් විදියකින් කිව්වොත්, පාස්වර්ඩ් එක තමයි ඔබේ අන්තර්ජාල ගිණුම් වලට අනවසර ඇතුලුවීම් වලක්වා ඒවා ආරක්ෂා කරන යතුර, එහෙමත් නැත්නම් මැජික් වචනය.

හැබැයි, අන්තර්ජාලයේ දී password එක කොච්චර වැදගත් වුනත්, ඒ සම්බන්ධයෙන් අපේ බොහෝ දෙනා දක්වන අවධානය, සැලකිල්ල අඩුයි කියලා තමයි පේන්නේ. Password එක ගැන කොච්චර සුළුවෙන් හිතනවද කිව්වොත් මේ ලිපියෙන් කියන වැරදි ගොඩක් අපේ කොල්ලො කෙල්ලෝ කරන බව තමයි ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ.

බලන්න password සම්බන්ධයෙන් මේ වැරදි ඔයාලත් කරනවද කියලා. එහෙම නම් වහ වහාම ඒ වැරදි හදාගන්න. එහෙම වුනොත්, වඩාත් ආරක්ෂිත ලෙස අන්තර්ජාලයේදී password භාවිතා කරන්න ඔයාලට පුලුවන් වේවි.

01. Password එක පුද්ගලික ජීවිතය සමග පටලවා ගැනීම.

බොහෝ දෙනෙක් විශේෂයෙන්ම නවකයින් කරන ලොකුම වැරැද්දක් තමයි මේක. ඕකට කියන්නේ “බොක්කෙන්ම පාස්වර්ඩ් දානවා” කියලා.

කෙනෙක් අන්තර්ජාල ගිණුමක පාස්වර්ඩ් එක විදියට තමන්ගෙ ජීවිතයට වඩාත් සමීප වචනයක් හෝ අකුරු ටිකක් භාවිතා කරනවා නම් (උදාහරණ විදියට – නම, උපන් දිනය, හැඳුනුම්පත් අංකය, වාහනේ අංකය, වගේ තොරතුරු) අන්න ඒ වැරැද්ද ගැන තමයි මේ කියන්නේ.

ඔයාගෙ පාස්වර්ඩ් එහෙමත් ඒ වගේ නම්, මතක තියා ගන්න – ඔයා ගැන හොඳින් දන්න කෙනෙකුට ඔයාගෙ online accounts වලට ඇතුළු වෙන්න සහ ඒවා ඔවුන්ගේ පාලනයට ගන්න පුලුවන්, ලේසියෙන්ම!

‍මොකක්ද එහෙනම් විසදුම?

ඔබට කරන්න තියෙන්නේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ වචනයක් හෝ වෙනත් එවැනි යමක් online account එකක password එක විදියට යොදලා තියෙනවානම්, ඒවා වහාම ඉවත් කරන්න. ඒ වෙනුවට ඔබට කිසිම සම්බන්ධයක් නැති, හිතට එන විකාර දෙයක් password එක විදියට භාවිතා කරන්න.

නිකන් ඔහේ අරමුණක් නැතිව කීබෝඩ් එක උඩ ඇගිලි යැව්වත් කමක් නෑ. ඇත්තටම ඒක තමයි හොදම දේ, ඔයාට මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වොත් හොදටම තේරේවි.

02. හැම online account එකටම එකම password එක භාවිතා කිරීම

හැම online account එකටම එකම password එක තියෙන එක පට්ට ලේසි සීන් එකක් කියලා සමහරවිට ඔයාට හිතෙනවා වෙන්න පුලුවන්. ඇත්තෙන්ම, ඒක ඇත්ත. ආයේ කියන්න දෙයක් නෑ! හැබැයි මතක තියා ගන්න, ඔයාට වගේම හැකර්ස්ලටත් ඒක පට්ට චාන්ස් එකක් බව!

ඒ නිසා මේ ස්වර්ණමය රීතිය මතක තියාගන්න – ONE ACCOUNT – ONE PASSWORD.

03. නිකන්ම නිකං අකුරු විතරක් භාවිතා කිරීම

ශක්තිමත් සහ ආරක්ෂිත password එකක් කියන්නේ කාටවත් අනුමාන කරන්න බැරි password එකක්. එවැනි password එකක් නිකං සිම්පල් අකුරු වලින් විතරක් හදා ගන්න බෑ. ඒකට තව ලට්ට ලොට්ට ටිකකුත් එකතු වෙන්නම ඕනෙ. ඒ ලට්ට ලොට්ට අතරේ මෙන්න මේවයින් අඩුම තරමේ එකක් බැගින්වත් තියෙනවනම් හොදයි.

  • ඉංග්‍රීසි කැපිටල් අකුරු
  • 0 සිට 9 දක්වා ඉලක්කම්
  • කීබෝඩ් එකේ තියෙන විශේෂ අකුරු ([ ] / > < ^ @ # ආදිය)

උදාහරණයක්! ඔයා ඔයාගෙ account එකේ password එක විදියට ‘ballek’ වෙනුවට ‘ballEK#12345’ කියලා යෙදුවොත්, ඒක අනුමාන කරන එක අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්!

04. කොට password භාවිතා කිරීම‍

කොට password මතක තියාගන්න ලේසියි තමයි, හැබැයි ආරක්ෂාව අඩුයි. ඒ නිසා අඩුම තරමේ අකුරු 8 ක් වත් සහිත password එකක් භාවිතා කරන්න පුරුදුවෙන්න. පුළුවන් නම්, වඩාත් හොදම දේ තමයි අකුරු 16 ක password එකක් භාවිතා කිරීම. ඒකෙන් ඔබේ password එක වඩාත් ශක්තිමත් හා ආරක්ෂිත වේවි

සාමාන්‍යෙයන්, බොහෝ වෙබ් අඩවි ඒවායේ ලියාපදිංචි වන පරිශිලකයන්ට අවම වශයෙන් අකුරු 8 ක් වත් නැති password එකක් භාවිතා කරන්න ඉඩ දෙන්නේ නෑ.

Recommended reading: 5 Tips on How to Secure Your Facebook Account

05. Password එකේ Strength එක ගැන සැලකිලිමත් නොවීම

Password එකක strength එක කියන්නේ එය කෙතරම් ශක්තිමත්ද සහ අනුමාන කිරීමට කෙතරම් අපහසුද කියන එකයි. අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් 99.9% ක් දෙනා password එකක ශක්තිමත් භාවය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ.

හැබැයි මම නම් කියන්නේ ඔබ හදන password එකක ශක්තිමත් භාවය අනිවාර්යයෙන්ම පරීක්ෂා කර බලන්න කියලා. ඒක අමාරු දෙයක් නෙවෙයි. මෙන්න මේ සරල ටූල් එක භාවිතා කරලා ඔයාටත් පහසුවෙන්ම ඔයාගේ password එකේ strength එක පරීක්ෂා කරගන්න පුලුවන් – password strength checker.

ඔන්න ඔයාම බලන්නකෝ මම අර කලින් උදාහරණයට ගත්තු password දෙකේ වෙනස කොච්චරද කියලා!

ප්‍රශ්නය – ඔච්චර සංකීර්ණ password ගොඩක් මතක තියා ගන්නෙ කොහොමද?

ඇත්තනෙ! කොහොමද හැම account එකටම වෙන වෙනම passwords හදලා ඒ ඔක්කොම මතක තියා ගන්නෙ, නේද?

ඉතින් ඇයි ඒවා මතක තියා ගන්නේ, online username, password නිවැරදිව කලමනාකරණය කරන්නම නිර්මාණය කරපු වෙබ් අඩවි සහ මෘදුකාංග තියෙද්දි? මෙවැනි password management සේවාවක් භාවිතා කිරීමේ තියෙන ලොකුම සහනය තමයි, ඔයාට සියගණනක් වූ password මතක තියා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මතක තියා ගන්න අවශ්‍ය වෙන්නේ එක master password එකක් පමණයි.

LastPass කියන්නේ ඔබේ passwords පහසුවෙන්ම කලමනාකරණය කරගන්න පුලුවන් පහසුකම් සපයන විශ්වාසවන්ත වෙබ් අඩවියක්. ඒ වෙනුවට, ඔයා පරිගණකයේ ඉන්ස්ටෝල් කරගත හැකි විකල්පයක් හොයනවා නම් KeePass කියන්නේ එවැනි නොමිලයේ දෙන ඕපන් සෝස් මෘදුකාංගයක්.

Final Words!

මම හිතනවා ඔයා මේ ලිපිය කියවීමෙන් වඩා ආරක්ෂිත සහ ශක්තිමත් passwords සකස් කර ගැනීම සම්බන්ධයෙන් වැදගත් යමක් දැනගන්නට ඇති කියලා. ගැටලු එහෙම තියෙනවා නම් අපිට comment එකක් දාන්න, යාලුවන්ට ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා!

Featured image credit: https://newsroom.fb.com/news/2019/03/keeping-passwords-secure/

Indika Jayawardhana
A lovely husband and father in real life. A proud teacher in professional life. I convert my thoughts into words in this blog because I'm an addict to computer technology.

One comment

  1. […] Secure password – A secure password is hard to guess. Therefore, always try to use a unique as well as secure password. Here is some suggestions to create a more secure and strong password. […]

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.