ලැප්ටොප් එකක් ඇත්තටම ලැප්ටොප් එකක් බවට පත් කරන්නේ ඒකෙ බැටරිය කියලා දන්නවනෙ. බැටරිය නැත්නම් ලැප් එක තවත් එක ඩෙස්ක්ටොප් පරිගණකයක් විතරයි. හැබැයි, ලැප්ටොප් එකකට බැටරියක් තිබිලම මදි, ඒ බැටරියට ෆුල් චාර්ජ් එකකින් ලැප්ටොප් එක වැඩි කාලයක් බලගන්වන්න පුලුවන් වෙන්නත් ඕනෙ.

ඉතින් මේ ලිපියෙන් මම ඔයාලත් එක්ක කතාබහ කරන්න යන්නේ ලැප්ටොප් බැටරියකින් වැඩි කාලයක් පහසුවෙන් වැඩගන්නේ කොහොමද කියන එක ගැනයි.

වැදගත්! “Laptop Battery එකේ ආයුකාලය“ යන්නෙන් මේ ලිපිය යටතේ අදහස් කරන්නේ ෆුල් චාර්ජ් කරන ලද බැටරියකින් කොපමණ වේලාවක් ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කළ හැකිද යන්නයි.

01. තිරයේ දීප්තිමත් බව අඩු කරන්න

ඔබේ ලැප්ටොප් තිරය ආලෝකවත් කිරීම සදහා බැටරියෙන් සැලකිය යුතු විදුලි ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා හැකි සෑම විටම තිරයේ දීප්තිමත් බව අඩු කරගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම, ඔබ අඩු ආලෝක තත්ත්වයක් තියෙන තැනක ලැප් එක භාවිතා කරනවා නම් තිරයේ දීප්තිය 0% දක්වා වුවත් අඩු කළ හැකියි.

ඔයා Windows 10 භාවිතා කරන අයෙක් නම්, පහත ආදර්ශණයෙන් පෙන්වන ආකාරයට තිරයේ දීප්තිය අඩු කර ගන්න පුලුවන්.

How to Increase Battery Life of Laptop

02. Background Apps‍ අක්‍රීය කරන්න

ඩෙස්ක්ටොප් එකේ පේන්න ධාවනය නොවුනත්, සමහර ඇප්ස් තියෙනවා අපිට නොපෙනී පසුබිමින් ධාවනය වන. ඒවාට තමයි “background apps” කියන්නේ. මේ background apps වලින් සමහරක් ඇත්තටම අපට අනවශ්‍ය ඒවා. ඒ ඇප්ස් අක්‍රීය කලා කියලා අපේ ලැප් එකේ ක්‍රියාකාරිත්වයට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.

ඉතින් කොහොමද මේ background apps අක්‍රීය කරන්නේ?

Step 01:
Windows 10 settings වින්ඩෝව විවෘත කරන්න.

Step 02:
System” ලින්ක් එක මත ක්ලික් කරන්න.

Step 03:
“Battery saver” විවෘත කර, ඉන් පසු “Battery use” ලින්ක් එක මත ක්ලික් කරන්න.

How to Increase Battery Life of Laptop

Step 04:
විවෘත වෙන වින්ඩෝ ඒකෙන් “Change background app settings” ලින්ක් එක මත ක්ලික් කරන්න.

Step 05:
Background apps ලිස්ට් ඒකක් සහිත වින්ඩෝවක් විවෘත වේවි. ඔයාට කරන්න තියෙන්නේ අනවශ්‍ය අැප්ස් අක්‍රීය කරන්න විතරයි.

03. අැනිමේෂන් අැතුලු “දෘෂ්‍ය ප්‍රයෝග” අක්‍රීය කරන්න

Windows 10 වල තියෙන වින්ඩෝ animation වලටත් සැලකිය යුතු බැටරි බලයක් වැය වෙනවා. ඒ නිසා මේ අැනිමේෂන් අක්‍රීය කලොත් ඔයාට බැටරියෙන් වැඩි වේලාවක් ලැප් ඒක දුවවන්න පුලුවන් වේවි.

කොහොමද ඒක කරන්නේ?

Step 01:
Start menu ඒකේ File explorer මත රයිට් ක්ලික් කරලා Properties තෝරන්න.

Step 02:
විවෘත වෙන වින්ඩෝ ඒකෙන් Advanced system settings ලින්ක් ඒක මත ක්ලික් කරන්න.

Step 03:
System properties ඩයලොග් බොක්ස් ඒක විවෘත වේවි. ඒහි Advanced ටැබ් ඒක විවෘත කර, Performance යටතේ අැති Settings… බොත්තම මත ක්ලික් කරන්න.

Step 04:
ඊලග වින්ඩාේ ඒකෙන් Adjust for best performance ඒක තෝරා පිළිවෙලින් Apply සහ OK බොත්තම් මත ක්ලික් කර අවසානයේ ඉතිරි සියලුම settings වින්ඩෝ වසා දමන්න.

මේ සරල උපදෙස ඔයාගේ පරිගණකයේ වේගය වැඩි කරගන්නටත් උදව් වේවි.

04. Close All Applications You don’t Use

වැඩේ ඉවරයි නම් ඒ වැඩේ කරන්න භාවිතා කරපු අැප් ඒක වසා දමන්න අමතක කරන්න ඒපා. මතකයි ෙන, අපි වැඩ කරන්නේ බැටරියෙන්! 🤯🤯🤯

05 Laptop ඒක පැතලි මතුපිටක් මත තබාගෙන භාවිතා කරන්න.

ඔය රූපයෙන් පෙන්වන අාකාරයට ලැප් ඒක යට පැත්තේ සිදුරු ටිකක් තියෙන්නේ හේතුවක් අැතිව.

ලැප් ඒකක් පාවිච්චි කරනකොට අති විශාල තාපයක් ඒ තුල හටගන්නවා. ඒ තාපය ලැප් ඒකෙන් පිට කරන්න තමයි මේ සිසිලන සිදුරු ඒහෙමත් නැත්නම් cooling vents තියෙන්නේ.

කිසිම හේතුවක් මත මේ cooling vents අවහිර වෙන අාකාරයට ලැප් ඒක තියාගන්න ඒපා. උදාහරණ විදියට, කොට්ටයක් උඩ, මෙට්ටය උඩ වගේම ඒබෙන මතුපිටක් තියෙන කිසිම තැනක ලැප් ඒක තියාගෙන භාවිතා කිරීමෙන් වලකින්න.

ඒහෙම කලාෙත් ඔයාගෙ ලැප් ඒක අධිකව රත් වේවි. ඒ තාපය පිට කරන්න සිසිලන පද්ධතියට වැඩ වැඩි වේවි. ඒ කියන්නේ බැටරියත් ඉක්මනටම බහීවි.

Final Words!

බැටරියනෙ ලැප් ඒකක තියෙන වැදගත්ම උපාංගය. ඉතින් ඒ නිසා තමයි මේ ලිපියෙන් ඔයාගෙ ලැප්ටාෙප් බැටරියේ ඒක චාර්ජ් ඒකකින් උපරිම වැඩක් ගන්න හැටි ගැන කතා කරන්න හිතුවේ.‍

ඉතින්, තවත් වැදගත් ලිපියකින් හමුවෙමු. ගැටලු, අදහස් ඒහෙම තියෙනවානම් පහලින් කොමෙන්ට් ඒකකුත් දාගෙනම යන්න. ස්තූති!

Featured Image Credit: https://www.pcmag.com/roundup/294447/the-best-battery-life-laptops


Indika Jayawardhana

A lovely husband and father in real life. A proud teacher in professional life. I convert my thoughts into words in this blog because I'm an addict to computer technology.

1
Leave a Comment on this Post

Please Login to comment
avatar
1000
1 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
0 Comment authors
How To Fix A Slow Laptop Better In Less Time » 5 Computer Tips & Tricks Recent comment authors

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
newest oldest most voted
Notify of
trackback

[…] you know?Fixing a slow laptop also helps to increase battery life of your laptop and get the maximum from the laptop […]