How to Optimize Google Chrome

Chrome Slow ද? එහෙනම් මෙන්න නැවත වේගවත් කරගන්න සරල ක්‍රම 5 ක්!

කාලයක් භාවිතා කරන කොට අනෙක් සෑම වෙබ් බ්‍රව්සරයක් වගේම ක්රෝම් බ්‍රව්සරයත් එන්න එන්නම මන්දගාමී වෙනවා. මම මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ ඔබේ slow වෙච්ච Chrome වෙබ් බ්‍රව්සරය නැවත වේගවත් කරගන්න භාවිතා කරන්න පුලුවන් සරල ඉගි පහක්!

අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. Google Chrome තමයි මේ වෙනකොට ලෝකයේ ජනප්‍රියම වෙබ් බ්‍රව්සරය. කොච්චර ජනප්‍රිය ද කිව්වොත්, ඉන්ටර්නෙට් පාවිච්චි කරන අය අතර Chrome ගැන නොදන්න කෙනෙක් නැති තරම්.

ඒතරම් ජනප්‍රිය වීමට හේතුව එය Google සමාගම විසින් ඉදිරිපත් කිරීමම නෙවෙයි. එහි ස්ථාවර බව, ආරක්ෂිත බව, භාවිතා කිරීමට පහසු බව මෙන්ම වේගවත් බවත් ක්රෝම් එතරම් ජනප්‍රිය වෙන්න හේතු වුනා.

හැබැයි, මොන මොන වැඩකෑලි තිබ්බත්, කොච්චර වේගවත් වුනත්, Chrome ටික දවසක් පාවිච්චි කරපු ගමන් slow වෙන එක නම් හරිම හිසරදයක්.‍

කොහොම වෙතත්, ඒ හිසරදයෙන් ගැලවෙන එක අපි හිතන තරම් අමාරු නෑ. පොඩි පොඩි දේවල් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. මම මේ ලිපියෙන් කියන්න යන්නේ අන්න ඒ වගේ සරල ට්‍රික්ස් ටිකකින් Chrome ආයෙම වේගවත් කරගන්නේ කොහොමද කියන එක ගැන.

සම්පූර්ණයෙන් ම කියවමුකො එහෙනං

01. වැඩිපුර විවෘත කරල තියෙන ටැබ් වසා දමන්න

ඇත්තටම ක්රෝම් වල ටැබ්ස් තියෙන්නේ ඕපන් කරන්න තමයි. හැබැයි ඉතින් ඒක එහෙමයි කියලා මහ ගොඩක් ටැබ්ස් එකවර ඕපන් කරගෙන ඔක්කොම ටැබ් වල එකවර වැඩකරන්න පුලුවන් ද? බෑනෙ බෑනේ!

විශේෂයෙන්ම ඔන්ලයින් ගේම්, වීඩියෝ වගේ දේවල් play වෙන ටැබ් එකක් දෙකක් ක්රෝම් වල ඕපන් වෙලා තියෙනවා නම්, ඔබටම දැනේවි ක්රෝම් කොච්චර slow ද කියලා.

ඒ නිසා නිකන් ඔහේ ඕපන් වෙලා තියෙන වැඩකට නැති ටැබ්ස් ක්ලෝස් කරලා දාන්න. මගේ පෞද්ගලික අදහස නම්, එකවර ටැබ්ස් පහකට වඩා ඕපන් කරගන්න එපා කියන එක.

02. අනවශ්‍ය Extensions සහ Toolbars ඉවත් කරන්න, බැරිනම් තාවකාලිකව අක්‍රිය කරන්න

Extensions කියන්නේ Google Chrome වල හැකියාව වැඩිදියුණු කිරීමට භාවිතා කල හැකි පොඩි පොඩි සොෆ්ට්වෙයාර් කෑලි වලට. ඒ වගේම තමයි toolbars ත්.

අන්තර්ජාලයෙ අපිට හමුවෙන වෙබ් පිටු ෂෙයාර් කරන්න, ස්ක්‍රීන්ෂොට් ගන්න, සිනා මූණු පාවිච්චි කරන්න, වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න වගේ ගොඩක් දේවල් වලට අපි නිතරම වගේ Extensions සහ Toolbars භාවිතා කරනවා.

හැබැයි ඔබ දන්නවා ද ඒවා නිසා ඔබේ Chrome browser එක සැලකිය යුතු ප්‍රමාණයකින් මන්දගාමී වෙනවා කියලා?

ඒ නිසා හැකි තරම් Extensions සහ Toolbars පාවිච්චි කරන එක අඩු කරන්න. උදාහරණයක් විදියට, ඔයාට YouTube වගේ වෙබ් අඩවියකින් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ නම් ඒ සදහා ඕනෙ තරම් වෙබ් අඩවි තියෙනවා, extension එකක් පාවිච්චි කරන්නම ඕනෙ නෑ. ඒ වෙබ් අඩවියක් භාවිතා කරලා ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඔබට අනවශ්‍ය යැයි හිතෙන Extensions ඉවත් කලොත්/අක්‍රීය කලොත්, ඔබටම තේරේවි ක්රෝම් කොච්චර වේගවත් වෙනවාද කියලා. මෙන්න මෙහෙමයි ඒක කරන්නේ.

  1. ඔය ඉහලින් තියෙන තිර ඡායාරූපයෙන් පෙන්වන විදියට තිත් තුනේ මෙනු බොත්තම මත Click කරලා More tools > Extensions menu path එක දෙන්න.
  2. දැනට install කරලා තියෙන extension සියල්ලම අලුත් tab එකකින් ඔබට පෙනේවි.
  3. පහල රූපයේ පෙන්වා තිබෙන වමට-දකුණට තල්ලු කරන්න පුලුවන් ස්විච් එක use කරලා අපිට පහසුවෙන්ම දැනට install කරලා තියෙන ඕනෑම extension එකක් on/off කරන්න පුලුවන්.
  4. Extension එකක් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනෙ නම්, ඒ සදහා Remove බොත්තම උඩ ක්ලික් කරන්න.
How to Make Chrome Run Faster

03. Browsing Data – Clear කරන්න

Browsing data කියන්නේ අපි ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට තාවකාලිකව Google Chrome වල ගබඩා වෙන විවිධ තොරතුරු. මේ තොරතුරු අතර, විවිධ user account වලට ඇතුලත් වෙන්න භාවිතා කරන username/password, ඔබ ඉන්ටර්නෙට් වල භාවිතා කරපු වෙබ් අඩවි වල පිළිවෙල (browsing history), form data වගේ දේවල් තියෙන්න පුලුවන්.

ඉතින් මේ තොරතුරු වලින් ක්රෝම් පිරෙන්න පිරෙන්න, ක්රෝම් slow වෙන්න පටන් ගන්නවා. අඩුම ගානේ සතියකට දෙකකට වරක් වත් මේ browsing data – clear කරන්න පුලුවන් නම් ඔයාලාගේ ක්රෝම් බ්‍රව්සරය මන්දගාමී නොවී තියා ගන්න පුලුවන්.

‍‍මෙන්න මෙහෙමයි ඒ වැඩේ කරන්නේ,

  1. තිත් තුනේ මෙනු බොත්තම මත Click කරලා, Settings මත ක්ලික් කරන්න.
  2. Advanced කොටසේ ඇති Privacy and security වෙත යන්න.
  3. එහි ඔබට, Clear browsing data කියලා ලින්ක් එකක් දකින්න ලැබේවි. ඒ මත ක්ලික් කරන්න. (පහල තිර රූපය බලන්න.)
  4. එහිදී ඔබට මකා දැමිය යුතු දේවල් තෝරන්න පුලුවන්. අවසානයේ Clear data button එක මත ක්ලික් කිරීමෙන් ඔයාට browsing data මකා දමන්න පුලුවන්.
How to Make Chrome Run Faster

04. Chrome වේගවත් කිරීමටම සකසා ඇති Extensions භාවිතා කරන්න.

දැන් ටිකකට කලින් මම කිව්වේ extensions නිසා ක්රෝම් slow වෙනවා කියලනෙ. හැබැයි මේ කියන්නෙ ඊට වෙනස් කතාවක්. සමහර extensions තියෙනවා ක්රෝම් වේගවත් කරන්නම හදපු. ඉතින් අනිත් extensions ඉවත් කරන අතරේ මේ වගේ extension එකක් ඉන්ස්ටෝල් කරලා බලන්න.‍

මේ තියෙන්නේ ඒ වගේ හොදට වැඩ කරන, ක්රෝම් වේගවත් කරන extension දෙකක්.

a. The Great Suspender‍‍

එකවර tabs මහ ගොඩක් ඕපන් කරලා තියා ගන්න එපා කියලා කොච්චර කිව්වත් අහන්නෙ නැති අයට මේක හොදයි. 🤬🤬🤬 මේ extension එක කරන්නේ ඔයා වැඩිපුර ඕපන් කරල තියෙන, ඒත් යම් කාලයක් භාවිතා නොකරපු tabs තියෙනවා නම් ඒවා තාවකාලිකව නිදි කරවන එක.

b. Save-Data: on

‍මේ extension එකෙන් කෙරෙන්නේ ඔබ පිවිසෙන වෙබ් අඩවි වල අනවශ්‍ය scripts, server requests අක්‍රීය කරලා ඒ වෙබ් අඩවි වේගවත් කරන එක.

05. Reset Google Chrome

කරලා කරලා බැරිම තැන කරන්නන් දෙයක් තියෙන්න ඕනනෙ, නේද? අන්න ඒක තමයි මේක!

😉😉😉

ඒ තමයි, ඔයාගේ ක්රෝම් බ්‍රව්සරය මුලින්ම ඉන්ස්ටෝල් කරපු දවසේ තිබුනු තත්ත්වයටම පත් කරන එක. ඉන්ස්ටෝල් කරපු දවසෙම ක්රෝම් කොච්චර වේගයෙන් වැඩකරාද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

හැබැයි පටන් ගන්න කලින් මේකත් කියන්න ඕනෙ!
ක්රෝම් reset වෙනවා කියන්නේ, ඒකෙ start page එක, search engine එක වෙනස් වෙනවා, ඒ වගේම ඔබ ඉන්ස්ටෝල් කරලා තියෙන extensions සියල්ල අක්‍රීය වෙනවා (බය වෙන්න එපා, ඒවා delete වෙන්නෙ නෑ.)
නමුත්, ක්රෝම් වල save කරලා තියෙන ඔයාගෙ passwords, bookmarks වගේ දේවල් එහෙම්මම තියෙනවා. ඒවට කිසිම හානියක් වෙන්නෙ නෑ.

හැබැයි, reset කරාට පස්සේ ක්රෝම් වල වේගයේ නම් කැපී පෙනෙන, ලොකු වෙනසක් දැකගන්න පුලුවන්.

ඉතින් වැඩේට ලෑස්ති නම් පටන් ගනිමු.‍

මෙන්න මෙහෙමයි Google Chrome reset කරන්නේ,

How to Make Chrome Run Faster
  1. අර කලින් වගේම Advanced settings විවෘත කරලා Reset and clean up option එක තෝරන්න (උඩින් තිබෙන තිර රූපය බලන්න).
  2. මතුවෙන වින්ඩෝ එකෙන් Restore settings to their original defaults කියන විකල්පය තෝරන්න.
  3. විවෘත වෙන dialog box එකේ Reset settings බට්න් එක මත ක්ලික් කරන්න.

ඔන්න දැන් ඔයාලගෙ වාරේ!

ඔයාලගෙ ක්රෝම් බ්‍රව්සරයත් කොම්පියුර් එක පොළොවෙ ගහන්න හිතෙන තරමට slow නම්, මේ ටික කරලා බලන්න. අනිවාර්යයෙන් ම ඔයාට ලොකු වෙනසක් බලාගන්න පුලුවන්. බය වෙන්න එපා. බය වුනොත් කවදාවත් අලුත් දෙයක් ඉගෙන ගන්න වෙන්නේ නෑ.

ඉතින් මේ ලිපිය ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතෙනවා. ඉතින් එහෙනම් යාලුවොත් එක්ක ෂෙයාර් කරගමු නේද? ඔයාට මට කියන්න මොනවා හරි ගැටලු, අදහස් එහෙම තියෙනවානම් අපිට කොමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම ඔයාගේ හැම අදහසකටම පිළිතුරු දෙනවා.

Featured image credit: https://www.bleepingcomputer.com/tips/web-browsers/chrome-being-slow-heres-6-ways-to-speed-it-up/

Leave a Reply

Please Login to comment
avatar
1000

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
Notify of