Find the Best City to Live, Work and Play Around the World

විදේශගත වෙන්න අදහසක් එහෙම තියෙනවාද? හැබැයි යන්නේ කොහේටද කියලා තාම හිතාගන්න බැරුව දෙගිඩියාවෙන් ද ඉන්නේ? අනිවාර්යයෙන්ම, තමන් උපන් රටෙන් සති කිහිපයකට හෝ ඈත් වෙලා යනවා කියන්නේ ලොකු අභියෝගයක් තමයි. ඔන්න ඒ අභියෝගය පහසුවෙන් තරණය කරන්න අපිට උදව් වෙන්න අලුත් වෙබ් අඩවියක් ඇවිල්ලා.

වෙබ් අඩවිය තමයි nomadlist.com. මෙම වෙබ් අඩවියේ විශේෂත්වය තමයි ඔබ ලබාදෙන නිර්ණායක ගණනාවක් සලකා බලමින්, විශ්ලේෂණය කරමින් ඔබට ජීවත් වෙන්නට හෝ රැකියාව කරන්නට හෝ එහෙමත් නැත්නම් විනෝදයට සංචාරය කරන්නට සුදුසුම නගරය ‍‍ෙසායා ගන්න ඔබට උදව් කිරීම. එ්කට ගත ‍ෙවන්‍ෙන් මිනිත්තු කිහිපයක් පමණයි. ඉතින් දැන් පැය ගනන් අන්තර්ජාල‍ෙය් සර්ච් කර කර වද විදින්න අවශ්‍ය නෑ.

ල‍ෝක‍ය‍ේ ඔබට ගැල‍‍ප‍ෙනම නගරය ත‍ෝරා ‍ද‍ෙන්න Nomad List සලකා බලන නිර්ණායක කිහිපයක් තමයි ‍ම්‍ෙ.

  • ඔබ්‍ෙ ආර්ථික තත්ත්වය
  • ඔබ කැමති දේශගුණය
  • අාරක්ෂාව
  • අසල්වැසියන්‍ ග‍ේ මිත්‍රශීලී බව
  • කාන්තාවන් සදහා පවතින අාරක්ෂිත භාවය
  • පිරිසිදු වාතය
  • අන්තර්ජාල සම්බන්ධතා වල ස්වභාවය

තව නිර්ණායක නම් සිය ගණනක් ති‍ය‍ෙනවා. එ් සියල්ලම ඔයාලට ‍ව‍ෙබ් අඩවියට පිවිසිලාම බලාගන්න පුලුවන් ව්‍ෙවි. ‍ව‍ෙබ් අඩවිය‍ේ මුල් පිටු‍ව‍ෙන් “Open Filters” ලින්ක් එක හරහා එම නිර්ණායක සියන්ලටම පිවිස‍ෙන්න ඔබට හැකියි. එහි වම් පස ‍කා‍ෙට‍ස‍ෙන් නිර්ණායක ‍තා‍ේරා දුන් විට ඊට ගැලප‍ෙන නගර සියල්ලම දකුණු පැත්‍‍ත‍ෙන් ප‍ෙන්වනවා (පහත තිර රූපය බලන්න).

ඉතින් ඔබට කරන්න ති‍ය‍ෙන්න්‍ෙ එම නගර අතරින් ඔබ කැමතිම නගරය ‍හ‍ෝ Nomad Score අගය ඉහලම නගරයක් ත‍ෝරා ගන්න එක තමයි.

nomadlist.com වෙත පිවිසෙන්න, අත්හදා බලන්න, අපිටත් කියන්න ඔයාලට අාපු රිසල්ට් එක ‍ම‍ොකක්ද කියලා. විද‍ේශගත ව‍ෙන්න බලාග‍ෙන ඉන්න ඔයාලග‍ේ හිතමිතුරන්ටත් ම්‍ෙ ‍ව‍ෙබ් අඩවිය ගැන කියන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.