Franz - Chat Hub

Franz – Online Chat Software to Connect All Chat Services

අන්තර්ජාලය හරහා චැට් කිරීම, එහෙමත් නැත්නම් අල්ලාප සල්ලාපයේ යෙදීම අද ලෝකයේ බොහෝ අන්තර්ජාල පරිශීලකයන්ගේ විනෝදාංශයක් බවට පත්වෙලා. ඒ නිසාම Facebook, Skype, Whatsapp වැනි බොහෝ සමාගම් තම අන්තර්ජාල චැට් සේවාවන් අද වන විට සම්පූර්ණයෙන් නොමිලේම මහජනතාවට විවෘත කර තිබෙනවා.

නමුත්, චැට් සේවාවන් කිහිපයක් එකවර භාවිතා කරන්නෙකුට එම සියලුම වෙබ් අඩවි සහ ඇප්ස් එකවර හෝ වරින්වර භාවිතා කරන්නට සිදුවීම ඇත්තටම හිසරදයක්! අන්න ඒ අමිහිරි අත්දැකීමෙන් ඔබව නිදහස් කරන්න දැන් කදිම ඇප් එකක් නිර්මාණය වී තිබෙනවා. ඒ තමයි Franz.

Franz අතුරුමුහුණත

Franz අතුරුමුහුණත

ඔබ අන්තර්ජාලය තුල භාවිතා කෙරෙන online chat සේවාවන් ගණනාවක් සමග එකවර සම්බන්ධ විය හැකි මෘදුකාංගයක් තමයි Franz ලෙස හදුන්වන්නේ. මෙම මෘදුකාංගය භාවිතා කර ඔබ භාවිතා කරන chat සේවා සියල්ලම සමග එකවර සම්බන්ධ විය හැකියි.

http://meetfranz.com වෙබ් අඩවියෙන් ඔබට නොමිලයේ ම ලබා ගත හැකි හා භාවිතා කල හැකි එය WhatsApp, WeChat, Facebook messenger, Skype, Google hangouts, Telegram ඇතුලු තවත් බොහෝ සේවාවන් ගණනාවකට සහාය දක්වනවා.

ඕනෑම chat සේවාවන් සංඛ්‍යාවක් සමග සම්බන්ධ වියහැකි සේම, ඔබ එකම සේවාව තුල ගිණුම් කිහිපයක් භාවිතා කරන්නෙක් නම් ඒ සියල්ල සමගද මේ ඇප් එක භාවිතා කරමින් සම්බන්ධ විය හැකියි. උදාහරණයක් ලෙස, ඔබ Facebook ගිණුම් දෙකක් භාවිතා කරනවා නම් ඒ ගිණුම් දෙකම මෙම මෘදුකාංගයට සම්බන්ධ කල හැකියි

Download Franz

meetfranz.com වෙබ් අඩවියට පිවිස ඔබට මෙම මෘදුකාංගය නොමිලේ ම download කරගන්න පුළුවන්. මෙම ලිපිය ලියන මොහොත වන විට Franz මෘදුකාංගය Windows 7 (හා ඉන් ඉහල) සහ MacOS 10.9 (හා ඉන් ඉහල) මෙහෙයුම් පද්ධති සදහා සහාය දක්වන බවයි එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

ඔබ Linux වර්ගයේ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන කෙනෙක් නම් (මේ ලිපිය ලියන මම වගේ), Franz හි Linux සහාය ලගදීම එන බව මතක තියා ගන්න. සුභ පැතුම්, ඔන්න ලිනක්ස් සදහා වන සංස්කරණයත් නිකුත් වෙලා!

How to Use Franz

Franz මෘදුකාංගය භාවිතා කරන එක මාරම ලේසියි, කරන්න තියෙන්නේ ඔයා භාවිතා කරන චැට් සේවාවන් ටික මේ ඇප් එකට ඇතුලත් කරන එක විතරයි. කොහොම වුනත්, ඒ පිලිබද සම්පූර්ණ ලිපියක් මම ලගදීම පළ කරන්නම්, එතෙක් Franz – download කරගෙන install කරගන්න, App භාවිතා කරන්න පොඩි try එකක් දෙන්න (බය වෙන්න කාරි නෑ, එච්චර අමාරු නෑ).

වැඩේ සාර්ථක නම් ඒ බව අපි හැමෝටම කියන්න, comment එකක් දාන්න. මේ app එක ගැන ඔබේ යාලුවෝ හැමෝටම කියන්න share කලොත් නරකද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.