Free WordPress Themes වල ඔබ දැන ගත යුතු හොද නරක 8 ක්!

WordPress badges

WordPress වලින් වෙබ් අඩවියක් නිර්මාණය කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, Free WordPress themes හොදයිද නරකයිද කියන එක!

විශේෂයෙන්ම, ඔයා ඔයාගෙ පළවෙනි WordPress වෙබ් අඩවිය නිර්මාණය කරමින් ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැතිනම් ඔයාගෙ අතේ තියෙන මුදල් ප්‍රමාණයත් සීමිත නම්, තෝරගන්න තියෙන හොදම විකල්පය තමයි Free WordPress theme එකක් භාවිතා කිරීම.

ඉතින් එහිදී මේ Free WordPress theme වල හොද නරක සංසන්දනය කරලා දෙපැත්තම බැලන්ස් කරලා බලලා හොදම තීරණය ගන්න එක තමයි කරන්න තියෙන්නේ.

ඉතින් අද මම මේ ලිපියෙන් ඔයාලත් එක්ක කතාබහ කරන්න යන්නේ Free WordPress theme වල හොද සහ නරක ගුණාංග කිහිපයක් ගැන. කතාව නවත්තලා බලමු නේද එහෙනං?

The Good of Free WordPress Themes

01. World’s Best Price

ඒ කියන්නේ නොමිලේ! නොමිලේ, එහෙමත් නැතිනම් නිකං දෙන දේවල් වලට අපේ රටේ එතරම් වටිනාකමක් නැහැනෙ නේද? හැබැයි WordPress themes සම්බන්ධයෙන් නම් ඒක වලංගු වෙන්නේ නෑ.

සමහර නොමිලේ දෙන themes වල, මුදලට අලෙවි කරන බොහෝ themes වලට වඩා විශේෂාංග සහ පහසුකම් අන්තර්ගත කරලා තියෙනවා දැක ගන්නට පුලුවන්. ඒ නිසා නිකං දුන්නා කියලා සමහර free WordPress themes අපට කොහොමවත් අවතක්සේරු කරන්න පුලුවන් කමක් නැහැ.

02. Strong Quality Control

WordPress themes හදන්න PHP programming පිළිබද දැනුම අත්‍යවශ්‍යයි. හැබැයි, PHP ගැන දැනුමක් තිබුන පලියට WordPress theme එකක් හදලා ඒක wordpress.org වෙබ් අඩවිය හරහා නොමිලේ බෙදාහරින්න හැම කෙනාටම බැහැ.

මොකද, wordpress.org වෙබ් අඩවියේ ඇඩ්මින් කාර්ය මණ්ඩලය ඒ හරහා බෙදා හරින හැම free WordPress theme එකකම ගුණාත්මක භාවය වගේම ආරක්ෂිතභාවය ගැනත් ඉතා තදින් සලකා බලනවා.

ඉතින් ඒ නිසා අපිටත් බය නැතුව WordPress නිල වෙබ් අඩවියෙන් free theme එකක් ඩවුන්ලෝඩ් කරගෙන අපේ වෙබ් අඩවි වලට ඉන්ස්ටෝල් කර ගන්න පුලුවන්.

හැබැයි මතක තියා ගන්න – wordpress.org හැර වෙනත් තෙවන පාර්ශවීය වෙබ් අඩවි වලින් ඩවුන්ලෝඩ් කරගන්න free wordpress themes වලින් නම් ඔය කියන ගුණාත්මකභාවය සහ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න එපා.

03. Higher Plugin Compatibility

නොමිලේ දෙන WordPress themes වගේම plugins යන මේ දෙකම WordPress නිල වෙබ් අඩවිය තුලින්ම බෙදාහරින නිසා ඔබ දැනට භාවිතා කරන plugins සියල්ලටම පාහේ ගැටලුවක් නැතිවම සහාය දැක්වීමට බොහෝ free WordPress themes වලට පුලුවන්.

04. Easy to Use

Free WordPress theme එකක අනවශ්‍ය විශේෂාංග මහ ගොඩක් නැති නිසාත්, theme settings වලට පහසුවෙන් ලගා විය හැකි නිසාත් ඒවා භාවිතා කිරීම හරිම පහසුයි.

Free WordPress Themes වල ඔබ දැන ගත යුතු හොද නරක 8 ක්!

The Bad of Free WordPress Themes

01. No Warranty

නොමිලේ දෙන දෙයකට වගකීමක් දෙන්නේ කොහොමද? නොමිලේ දෙන WordPress themes වල තත්ත්වයත් ඒකම තමයි. ඔබ ඔබේ වෙබ් අඩවියට free WordPress theme එකක් ඉන්ස්ටෝල් කරලා වැඩ කරන අතරේ වෙබ් අඩවියේ යම් කිසි දෝෂයක් ඇති වුනොත්, theme developer ගෙන් වගකීමක් කිසිසේත්ම ලැබෙන්නේ නැහැ.

02. Less Support

Theme developer කෙනෙක් තමන්ගේ පාරිභෝගිකයින්ට ඇතිවෙන විවිධ ආකාරයේ තාක්ෂණික ගැටලු වලට සහාය වීම සදහා විවිධ උපක්‍රම භාවිතා කරනවා. Live chat, phone support, email, social media, forums ඉන් සමහරක්.

Free themes ගැන කතා කලොත්, ඒවායේ හිමිකරුවන් පාරිභෝගිකයන් සදහා live chat, phone call, email වැනි ක්‍රම හරහා ඍජුවම සහාය දැක්වීමක් නොකෙරෙන තරම්! උදව්වක් ගන්නවානම් ගන්න තියෙන්නේ ඉතින් forum එකකින් තමයි.

හැබැයි, එයාලගෙම premium themes වලට නම් සහාය දෙනවා එකෙන්ම!

03. Same Design

සමහර free themes තියෙනවා ඒවා WordPress භාවිතා කරන ප්‍රජාව අතරේ අතිශයින්ම ජනප්‍රියයි. ඔයාලත් අනිවා හොයන්නේ ඒ වගේ theme එකක්නෙ, නේද? හැබැයි අමතක කරන්න එපා, ජනප්‍රිය theme එකක් කියන්නේ ලෝකයේ ලක්ෂ ගණන් දෙනා භාවිතා කරනවා කියන එක.

තවත් විදියකින් කිව්වොත් ඔයාගෙ වෙබ් සයිට් එකට එන කෙනෙකුට පේන්නේ ඒක තවත් වෙබ් සයිට් එකක කොපියක් විදියට! මොකද එකම theme එක භාවිතා කරන වෙබ් අඩවි ලක්ෂ ගානක් ලෝකයේ තියෙනවා! බලන්න පහල තිර රූපය දිහා.

Astra - One of the most popular free WordPress themes

04. Limited Features

Free themes වල තියෙන තවත් ලොකු අඩුපාඩුවක් තමයි, ඒවායේ අත්‍යවශ්‍ය විශේෂාංග බොහොමයක් දකින්නට නොලැබීම. වෙබ් අඩවියේ මූලික වර්ණ (color theme), අකුරු රටාව (font), පළල ආදී ඉතා වැදගත් සැකසුම් කිරීම සදහා බොහෝ free themes සහාය දක්වන්නේ නැහැ.

Final Words,

ඉතින් ඔන්න මම මේ ලිපියෙන් නොමිලේ දෙන WordPress themes වල හොද, නරක දෙපැත්තම ගැන කතා කලා. ඉතින් ඔයාලටත් මේ මාතෘකාව සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඇති.

Free themes භාවිතා කරලා ඔයාලා ලබපු හොද, නරක අත්දැකීම් හැමදේම අපිත් එක්ක ෂෙයාර් කරගන්න ඒ ගැන මේ ලිපියට කොමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා!

Free WordPress Themes වල ඔබ දැන ගත යුතු හොද නරක 8 ක්!
Please Login to comment
avatar
1000

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
Notify of
Share via
Copy link
Powered by Social Snap