Google Chrome වල Incognito Browsing ඇත්තටම ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා ද?

Incognito browsing

ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක්නෙ Google Chrome කියන්නේ. Google Chrome වල තියෙනවා Incognito Browsing කියලා වැදගත් විශේෂාංගයක්. ඉතින් අපි හිතුවා අන්න ඒ විශේෂාංගය ගැන ටිකක් කතා කරන්න.

එහි විශේෂත්වය තමයි, ඔබ පිවිසෙන වෙබ් අඩවි වලට අදාල කිසිම තොරතුරක් Chrome window එක තුල ගබඩා කර නොගැනීම. (ෆයර් ‍ෆොක්ස් වලත් මීට සමාන විශේෂාංගයක් තියෙනවා. ඒකට කියන්නේ InPrivate Browsing කියලා.)

Google Chrome Incognito Window
Google Chrome Incognito Window

Chrome භාවිතා කරන ගොඩක් දෙනා මේ Incognito පහසුකම පාවිච්චි කරන්න දන්නවා වුනත්, එයින් කරන්න පුලුවන් දේවල් සහ කරන්න බැරි දේවල් වල සීමාවන් ගැන තියෙන අවබෝධය අඩුයි.

ඉතින් ඒ නිසා මම හිතුවා Chrome වල මේ Incognito Browsing හි හැකියාවන් සහ නොහැකියාවන් ගැන මම දන්න දේවල් ටික ඔයාලත් එක්ක ෂෙයාර් කරගන්න.

මොනවද මේ Incognito Browsing ට තියෙන හැකියාවන්?

පොදුවේ කිහිප දෙනෙක් භාවිතා කරන පරිගනකයකින් ඔබ අන්තර්ජාලයට පිවිසෙනවා නම් අනිත් අයට ඔබ පිවිසෙන වෙබ් අඩවි පිළිබද තොරතුරු දැකගන්න පුලුවන් වුනොත් ඒක ඔබට ගැටලුවක් වෙන්න පුලුවන්. 🤫🤫🤫

  1. හැබැයි ඔබ Incognito Browsing ඔන් කරලා ඉන්ටර්නෙට් ගියොත් ඔබ පිවිසුන වෙබ් අඩවි වල ඉතිහාසය (browsing history) Chrome වල තැන්පත් වෙන්නේ නෑ.
  2. ඔබ වෙබ් පිටුවක ෆෝම් එකකට ඇතුලත් කරන දත්ත (නම, ලිපින, ඊමේල්, දුරකතන අංක ආදිය) කිසිවක් ක්රෝම් වල තැන්පත් කරගන්නෙත් නෑ.
  3. වෙබ් අඩවියකට ලොග් වෙන්න භාවිතා කරන යූසර්නේම් සහ පාස්වර්ඩ් සේව් වෙන්නෙත් නෑ. ඒ කියන්නේ නැවත නැවත ලොග් වීමේ දී යූසර්නේම් සහ පාස්වර්ඩ් අවශ්‍ය වෙනවා.
  4. හැබැයි, ඔබ අලුතින් හදන bookmarks සහ ඩවුන්ලෝඩ් කරන ෆයිල් (ඡායාරූප, වීඩියෝ, ගීත ආදිය) නම් ඉතිරි වෙන බව මතක තියා ගන්න.

මොනවද මෙයාට කරන්න බැරි දේවල්?

Incognito Browsing වලදී ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා වෙන්නේ Chrome browser සීමාව තුලදී පමණයි. ඉන් පිටත ඇති කිසිම ආරක්ෂක බාධකයක් අභිබවා යන්න Incognito Browsing වලට හැකියාවක් නැති බව ඔබ මතක තබා ගත යුතුයි. මේ ඒවායින් කිහිපයක්.

  1. NetNanny වැනි අන්තර්ජාල ආරක්ෂණ මෘදුකාංග වලට අන්තර්ජාලය තුල ඔබේ හැසිරීම අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකියි.
  2. ඔබ අන්තර්ජාලයට පිවිසෙන පරිගනකය ජාලගත පරිගනකයක් නම්, එම ජාලයේ පරිපාලකයාට (network admin) ඔබේ අන්තර්ජාල කෙරුවාව සොයා බලන්න අවශ්‍යයි නම්, ඒ සදහා ඔබ Incognito Browsing ඔන් කරලද නැද්ද කියන එක අදාලම නෑ.
  3. ඒ ආකාරයටම, ඔබට අන්තර්ජාල සේවා සපයන සමාගමටත් අන්තර්ජාලය තුල ඔබේ හැසිරීම නිරීක්ෂණය කල හැකියි.
  4. Google වැනි සෙවුම් යන්ත්‍ර වල ඔබ ඇතුලත් කරන සෙවුම් වචන Incognito Browsing අවස්ථාවේදී පවා තැන්පත් කරගන්නවා.

අන්න ඒ නිසා Google Chrome වල විතරක් නෙවෙයි වෙනත් ඕනෑම බ්‍රව්සරයක Incognito Browsing හෝ ඊට සමාන වෙනත් විශේෂාංගයකට අන්තර්ජාලය තුල දී ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන බාධකයක් (privacy barrier) ලෙස කටයුතු කිරීමේ පූර්ණ හැකියාවක් නොමැති බව මතක තබා ගන්න. 🥺🥺🥺

නමුත් එකම පරිගනකය කිහිප දෙනෙක් අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කරන අවස්ථාවක දී ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට එයින් ඉටුවන මෙහෙය නම් අගය කල යුතුයි.

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වට ස්තූති. මේ ලිපිය ගැන ඔබට කියන්න තියෙන අදහස්, යෝජනා වගේම අහන්න තියෙන ප්‍රශ්න හැමදෙයක්ම අපිට කියන්න, පහලින් කොමෙන්ට් එකක් දාන්න.

Google Chrome වල Incognito Browsing ඇත්තටම ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා ද?
Please Login to comment
avatar
1000

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
Notify of
Share via
Copy link
Powered by Social Snap