Google Chrome වලින් කරන්න පුලුවන් අන්තර්ජාලයේ සැරිසරන එක විතරක්ම ද? නැහැ. අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි වුණු වෙලාවක ප්ලේ කරන්න පොඩිම පොඩි සරල ගේම් එකකුත් ක්රෝම් වල තියෙනවා. මේ ඒ ගැනයි.
Google Chrome වලින් අන්තර්ජාලයේ සැරිසරන හැම දෙනෙක්ම අඩුම ගානේ එක වතාවක් හරි පහල තියෙන තිර ඡායාරූපය දැක ඇතිවාට සැක නැහැ. ඒකෙන් කියන්නෙ ක්රෝම් වලට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බැරි දෝෂයක් තිබෙන බව කියලා ඔයාලා හැමෝම දන්නවනෙ.

ඒත් මේ දෝෂ පණිවුඩය තුලම පොඩි පරිගණක ක්රීඩාවකුත් තියෙනවා කියලා ඔයාලා පුදුම වේවි. ඒත් ඒක ඇත්ත. නිකමට ඔයාගෙ කීබෝඩ් එකෙන් ස්පේස්බාර් බොත්තම ඔබලා බලන්නකො. ගේම් එක ප්ලේ වෙන්න පටන් ගන්නවා.
ඔයාට කරන්න තියෙන්නෙ හැල්මේ දුවන ඩයිනසෝරයා ස්පේස්බාර් බොත්තම පමණක් භාවිතා කරමින් ගස්වල නොහැපී ඉදිරියට ගමන් කරවීමයි. බැරිවෙලාවත් ගහක හැපුනොත් ගේම් එක ඉවර වෙනවා. නැවත පටන් ගන්න ඕන වුනොත් ආයෙත් ස්පේස්බාර් එකම තමයි ඔබන්න තියෙන්නේ.
කෙටියෙන්ම කිව්වොත් මේක තනි යතුරේ ගේම් එකක්. ඔන්න මම මේ සරල ගේම් පැංචගෙ වීඩියෝ එකකුත් දාල තියෙනවා. ඒකත් බලන්නකො.

ඔන්න දැන් බැරිවෙලාවත් ඔයාගෙ අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි වුනොත් ආයෙ කනෙක්ට් වෙනකන් කරන්න වෙන වැඩක් නැත්නම් කම්මැලිකමට ප්ලේ කරන්න පොඩි ගේම් එකකුත් තියෙනවා. ඉතින් ප්ලේ කරලා අපිටත් කියන්න කොහොමද ඒක කියලා.
[…] […]