“A faster computer is a happy computer.” තේරෙන සිංහලෙන් කිව්වොත් පරිගණකයකින් හරියට වැඩක් ගන්න නම් ඒක වේගයෙන් වැඩ කරන එකක් වෙන්න ඕනෙ.
කොහොම වුනත්, ටික කාලයක් වැඩ කරනකොට ඕනෑම පරිගණකයක් මන්දගාමී වීම සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි ඉතින් එහෙමයි කියලා පරිගණකයක් මන්දගාමී වෙන දිහා බලාගෙන ඉදලා අත පිහදගන්න බෑනෙ නේද? එහෙම වුනොත් අපිටම තමයි ඒකේ ප්‍රතිවිපාක විදින්න වෙන්නෙත්.
වේගවත් පරිගණකයකින් අපිට තියෙන වාසි මොනවද?
- වේගවත් පරිගණකයක් අපි දෙන විධාන වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා.
- පරිගණකය අනවශ්‍ය ලෙස රත්වීම පාලනය වෙනවා.
- අපේ වටිනා කාලය ඉතිරි කර දෙනවා.
- ඒ වගේම, අපේ ඇගේ ලේ රත්වීම පාලනය කරලා, මොනිටරය පොළොව මත පතිත වීම වලක්වනවා. 🤣🤣🤣
අන්න ඒ නිසා තමයි මන්දගාමී වුනු පරිගණකයක් නැවත වේගවත් කරන්නේ කොහොමද කියන කාරණාව ගැන මම මේ ලිපියෙන් ඔයාලත් එක්ක කතාබහ කරන්න හිතුවේ.
01. Windows අප්ඩේට් කරන්න
First things first! Microsoft ආයතනය විසින් කලින් කලට Windows මෙහෙයුම් පද්ධතියට විවිධ යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කරනවා. මේ හැම යාවත්කාලීන කිරීමකින්ම ඔබේ පරිගණයකට අලුතින් “යමක්“ එකතු වෙනවා විතරක් නෙවෙයි, ඔබේ පරිගණකයේ වේගය සැලකිය යුතු ලෙස වැඩි වීමක් අනිවාර්යයෙන්ම අත්දකින්න පුලුවනි.
කොහොමද Windows update කරන්නේ?
Step 01:
Windows Settings වින්ඩෝ එක විවෘත කරගන්න.

Step 02:
එහි Update & security මත ක්ලික් කර, විවෘත වෙන අලුත් වින්ඩෝ එකේ Check for updates බොත්තම මත ක්ලික් කරන්න.

Step 03:
ලැබෙන උපදෙස් පිළිපදින්න.
02. Run Disk Cleanup
පරිගණකයක් ටික කාලයක් පාවිච්චි කරනකොට එහි මෙහෙයුම් පද්ධතිය තුල විවිධ ආකාරයේ අනවශ්‍ය ෆයිල්ස් ගොඩ ගැසෙනවා. තාවකාලික ෆයිල්ස් (temp), ඩවුන්ලෝඩ් කරන ලද ෆයිල්ස් (downloads), තාවකාලිකව මකා දමන ලද ෆයිල්ස් (recycle bin), තාවකාලික වෙබ් පිටු (cached pages), old restore points ඒවායින් සමහරක්.
මේවායේ ප්‍රතිපලය තමයි ඔපේ පරිගණකය මන්දගාමී වීම. අන්න ඒ ගැටලුවෙන් මිදෙන්න තමයි Disk Cleanup ටූල් එක වැදගත් වෙන්නේ.
Disk Cleanup ටූල් එක භාවිතා කරන්නේ කොහොමද?
Step 01:
ස්ටාර්ට් මෙනුව තුල disk cleanup ලෙස ටයිප් කර Disk Cleanup ඇප් එක සොයා ගෙන ඒ මත ක්ලික් කරන්න.

Step 02:
Clean කිරීමට අවශ්‍ය පාර්ටිෂන් ඒක තෝරාගෙන OK බොත්තම මත ක්ලික් කරන්න.

Step 03:
Disk Cleanup ටූල් ඒක මගින් ක්ලීන් කළ හැකි ෆයිල්ස් පිළිබද සොයා බලනු අැත.

Step 04:
Clean කිරීමට අවශ්‍ය ෆයිල්ස් තෝරා අවසානයේ OK බොත්තම මත ක්ලික් කරන්න. ඒවිට විවෘත වෙන අවවාදාත්මක පණිවුඩයෙන් “Delete files” යන්න මත ක්ලික් කරන්න.

03. මෙහෙයුම් පද්ධතිය සහිත Partition සදහා Defragment භාවිතා කරන්න
වීඩියෝ පට, ගීත වැනි ප්‍රමාණයෙන් විශාල ෆයිල්ස් හාර්ඩ් ඩිස්කය තුල සේව් වීමේදී ඒ ෆයිල්ස් සේව් වෙන්නේ කුඩා කොටස් ලෙසයි. ඒකට බලපාන ප්‍රධාන හේතුව තමයි හාර්ඩ් ඩිස්කයේ සැකැස්ම.
සාමාන්‍යෙයන් ප්‍රමාණයෙන් විශාල ෆයිල්ස් හාර්ඩ් ඩිස්කය තුල තැන්පත් වීමේදී ඒ ෆයිල්ස් කුඩා කාෙටස් වලට වෙන්වී හාර්ඩ් ඩිස්කයේ විවිධ තැන්වලට සේව් වෙනවා. ඒකෙ ප්‍රතිපලය තමයි ෆයිල් ඒක විවෘත වෙන්න යම් කාලයක් ගත වීම. ෆයිල් ඒකක සියලුම කොටස් ඔක්කොම ඒකම තැනක තිබුනොත් කොහොමද?
Defragmentation ටූල් ඒකෙන් කරන්නේ තැන් තැන්වල තැන්පත් වී තිබෙන ෆයිල් වල කොටස් ඒකම තැනකට ගෙන ඒම.
හාර්ඩ් ඩිස්ක් පාර්ටිෂන් defragment කරන්නේ කොහොමද?
Step 01:
ස්ටාර්ට් මෙනුව තුල deframent ලෙස ටයිප් කර Defragment and Optimize Drives මෘදුකාංගය විවෘත කරගන්න.

Step 02:
Defragment කළ යුතු පාර්ටිෂනය තාේරා Optimize බාෙත්තම මත ක්ලික් කරන්න.

04. Desktop Animation අක්‍රීය කරන්න
Windows 10 වල තියෙන වින්ඩෝ animation වලටත් සැලකිය යුතු ප්‍රොසෙසර සහ රැම් බලයක් වැය වෙනවා. ඒ නිසා මේ අැනිමේෂන් අක්‍රීය කලොත් ඔයාට ඔයාගේ පරිගණකයේ වේගය වැඩි කරගන්න පුලුවන් වේවි.
කොහොමද ඒක කරන්නේ?
Step 01:
Start menu ඒකේ File explorer මත රයිට් ක්ලික් කරලා Properties තෝරන්න.
Step 02:
විවෘත වෙන වින්ඩෝ ඒකෙන් Advanced system settings ලින්ක් ඒක මත ක්ලික් කරන්න.

Step 03:
System properties ඩයලොග් බොක්ස් ඒක විවෘත වේවි. ඒහි Advanced ටැබ් ඒක විවෘත කර, Performance යටතේ අැති Settings… බොත්තම මත ක්ලික් කරන්න.

Step 04:
ඊලග වින්ඩාේ ඒකෙන් Adjust for best performance ඒක තෝරා පිළිවෙලින් Apply සහ OK බොත්තම් මත ක්ලික් කර අවසානයේ ඉතිරි සියලුම settings වින්ඩෝ වසා දමන්න.
මේ සරල උපදෙස ඔයාගේ ලැප්ටාෙප් පරිගණකයේ බැටරි බලය අාරක්ෂා කරගන්නටත් උදව් වේවි.
05. Background Apps අක්‍රීය කරන්න
ඩෙස්ක්ටොප් එකේ පේන්න ධාවනය නොවුනත්, සමහර ඇප්ස් තියෙනවා අපිට නොපෙනී පසුබිමින් ධාවනය වන. ඒවාට තමයි “background apps” කියන්නේ. මේ background apps වලින් සමහරක් ඇත්තටම අපට අනවශ්‍ය ඒවා. ඒ ඇප්ස් අක්‍රීය කලා කියලා අපේ ලැප් එකේ ක්‍රියාකාරිත්වයට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.
ඉතින් කොහොමද මේ background apps අක්‍රීය කරන්නේ?
Step 01:
Windows 10 settings වින්ඩෝව විවෘත කරන්න.

Step 02:
“System” ලින්ක් එක මත ක්ලික් කරන්න.

Step 03:
“Battery saver” විවෘත කර, ඉන් පසු “Battery use” ලින්ක් එක මත ක්ලික් කරන්න.

Step 04:
විවෘත වෙන වින්ඩෝ ඒකෙන් “Change background app settings” ලින්ක් එක මත ක්ලික් කරන්න.

Step 05:
Background apps ලිස්ට් එකක් සහිත වින්ඩෝවක් විවෘත වේවි. ඔයාට කරන්න තියෙන්නේ අනවශ්‍ය ඇප්ස් අක්‍රීය කරන්න විතරයි.

05+1. (Bonus Tip) Windows Restart කරන්න.
ඔයාගෙ පරිගණකය හොදටම මන්දගාමී නම් කරන්න දෙයකුත් තියෙන්න ඕනෙ නේද? ඒ වගේ අවස්ථවක පරිගණකය restart කරලා බලන්නකෝ. බොහෝ විට ලෙඩේ හොද අතට හැරේවි.
මම මේ ලිපියෙන් ඔයාලට ඉදිරිපත් කලේ ඔයාගේ පරිගණකයත් ටිකක් වේගවත් කරගන්න අවශ්‍ය වෙන සරල ඉගි කිහිපයක්. ඉතින් ට්‍රයි කරලා බලන්න. ප්‍රතිපල කොහොමද කියලා අපිටත් කියන්නකෝ එහෙනම්. තවත් ලිපියකින් නැවත හමුවෙමු, එතෙක් සුභ වේවා හැමෝටම!
Image Credit: https://unsplash.com/photos/j4uuKnN43_M
[…] tip is also a part of 5 Tips on How to Make Windows 10 Run Faster article. Read that […]
[…] Recommended reading: 5 Tips on How to Make Windows 10 Run Faster […]