How to Install New Fonts in Windows

Microsoft Word හෝ වෙනත් එවැනි වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතා කරනකොට fonts එහෙමත් නැත්නම් අකුරු හැඩ වල වටිනාකම කියලා නිම කරන්න බැහැ. අප සකස් කරන වඩාත් වෘත්තීය මට්ටමේ ලිපියක සිට ඇසට ප්‍රිය උපදවන අලංකාර පෝස්ටරයක් දක්වා වූ සෑම නිර්මාණයකම අවම වශයෙන් fonts දෙකක් වත් භාවිතා කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා.

සාමාන්‍යයෙන් පරිගණකයකට මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරන සෑම විටම ඒ සමග fonts ද යම් ප්‍රමාණයක් අන්තර්ගත කර තිබෙනවා.

නමුත්, ඔබ පරිගණකයට නවකයෙක් නම්, පරිගණකයේ දැනටමත් install කර ඇති fonts වලට අමතරව වෙනත් font එකක් භාවිතා කරන්න සිදු වෙනවා නම්, සහ ඔබ තෝරාගත් ඒ font එක පරිගණකයේ install කරන හැටි දන්නේ නැති නම්, මේ ඔබ සදහාම සැකසුනු ලිපියක්.

පරිගණකයකට අලුතින් font එකක් හෝ කිහිපයක් install කරන ක්‍රම තුනක් අපි මෙහිදී කතාබහ කෙරෙනවා. ඒ ක්‍රම අතරින් අවස්ථාවට අනුව වඩාත් ගැලපෙන සහ පහසුම ක්‍රමය තෝරා ගැනීමේ අයිතිය ඔබ සතුයි.

01. Right Click and Install

Fonts ගණනාවක් එකවර install කර ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී මේ ක්‍රමය ඉතාම සුදුසුයි. මෙහිදී ඔබට අනුගමනය කරන්න තියෙන්නේ ඉතාමත් සරල පියවර තුනක්.

  1. Install කරන්න බලාපොරොත්තු වෙන font file එක හෝ කිහිපය select කරගන්න.

  2. එම font files මත right click කරන්න.

  3. විවෘත වෙන මෙනුවෙන් Install යන්න තෝරන්න. එසැනින් ඔබ select කල fonts සියල්ලම install වේවි.

02. Double Click and Install

ඔබට Install කරන්න තියෙන්නේ fonts එකක් දෙකක් නම්, මේ ක්‍රමයත් පොඩ්ඩක් අත්හදා බැලුවට වරදක් නෑ.

  1. Font file එක මත double click කරන්න.

  2. විවෘත වෙන Font preview window එකේ වම් පස ඉහලින් ඇති Install බටනය මත click කරන්න.

  1. Font එක install වී අවසන් වූ පසු ඔබට window එක වසා දමන්න පුළුවන්.

03. Via Control Panel

ටිකක් විතර වටේ යන ක්‍රමයක් වුනත්, තොරතුරු තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ළමයින්ට ඉගෙන ගන්න තියෙන්නේ නම් මේ ක්‍රමය තමයි. ඒ නිසා ඒ ගැනත් ටිකක් කතාබහ කරමු නේද?

වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි, හොදට අහගන්නකො එහෙනං!

  1. ඔබට install කරන්න අවශ්‍ය font files ටික select  කරගන්න.

  2. ඒ මත right click කර “Copy” යන විධානය තෝරන්න. ඔබට ඒ සදහා Ctrl+C කියන keyboard shortcut එක භාවිතා කරන්නත් පුළුවන්.

3. Start > Control Panel යන මෙනු තේරීම ඔස්සේ ගිහින් Control Panel එක විවෘත කරගන්න. ඔබ Windows 10 භාවිතා කරන කෙනෙක් නම් Control Panel එකට යන පාර මෙන්න මෙතනින් බලා ගන්න.

  1. Control Panel එකේ ඇති Font icon එක මත click කර Fonts folder එක විවෘත කර ගන්න (පහත රූපයේ 1 බලන්න). ඔබ පරණ Windows සංස්කරණයක් භාවිතා කරන කෙනෙක් නම්, icon එක මත double click කල යුතුයි. Control Panel items ටික icon ලෙස දර්ශනය නොවේ නම් එය සකසා ගැනීමට රූපයේ 2 න් දැක්වෙන පරිදි View by > Large icons හෝ Small icons තෝරන්න.

  1. දැන් ඔබට කරන්න තියෙන්නේ install කර ඇති fonts අතර හිස් ඉඩක right click කර (1) “Paste” තේරීම (2) පමණයි. ඔබට ඒ සදහා Ctrl+V – keyboard shortcut එක භාවිතා කරන්නත් පුළුවන්.

ඔන්න අපි fonts install කරලා ඉවරයි. දැන් ඉතින් මේ ක්‍රම තුනෙන් ඔබ කැමති ඕනම ක්‍රමයක් භාවිතා කරලා ඇති තරම් fonts install කරලා වැඩේට බහින්නකො එහෙනම්. ඒ අතරෙ ඔබට මතුවෙන ගැටලු සහ අදහස් අපිට comment එකකින් කියන්න.

මේ ලිපිය ඔයාලගෙ යාලුවන්ටත් ගොඩක් වැදගත් වේවි. ඒ නිසා share කරන එකත් බොහොම වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.