How to Open Control Panel in Windows 10

Microsoft Windows මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය තමයි Windows 10 කියන්නේ. අනෙකුත් පැරණි Windows සංස්කරණ වගේම මෙම Windows 10 සංස්කරණයත් පරිගණක පරිශීලකයන් අතර වේගයෙන් ජනප්‍රිය වීමට එහි ඇති සරල බව, වේගවත් බව, ස්ථාවර බව වගේම ඩෙස්ක්ටොප් පරිගණකයේ සිට ස්මාර්ට්ෆෝනය දක්වා පුළුල් පරාසයක පැතිරුණු උපාංග ගණනාවක් සදහා සහාය දැක්වීම වැනි කරුණු ගොඩක් බලපෑවා.

කෙසේ වෙතත් මීට පෙර පැවැති Windows සංස්කරණ වල දක්නට ලැබුණු Control Panel එක Windows 10 හිදී දක්නට නොලැබීම නම් ලොකු වෙනසක්! ඒ වෙනුවට මෙහිදී දක්නට ලැබෙන්නේ වඩාත් සරල Settings app එක.

Windows 10 - Settings app
Windows 10 – Settings app

නමුත් පරිගණකයක වඩාත් උසස් මට්ටමේ සැකසුම් කරගැනීමට අවශ්‍ය අවස්ථාවල තමයි Control Panel එකේ වටිනාකම දැනෙන්නේ.

Windows 10 වල ප්‍රධාන සැකසුම් මෘදුකාංගය Settings app එක වුනත්, එයින් Control Panel එක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා නැහැ. එය අවශ්‍ය ඕනෑම මොහොතක ඔබ කියූ සැනින් ඔබේ සහයට සූදානමින් ඉන්නවා.

  • ඔබට කරන්න තියෙන්නේ Start button එක මත right click කල විට විවෘත වන මෙනුවෙන් Control Panel යන්න තේරීම පමණයි.
  • එසැනින් (පරිගනකය slow නම් තප්පර කිහිපයක් ගත වෙයි) පරණ පුරුදු Control Panel එක ඔබේ ඇස් ඉදිරියේ විවෘත වේවි.

Windows හි පරණ පුරුදු Control Panel එක මෙන්න
Windows හි පරණ පුරුදු Control Panel එක මෙන්න

Windows 10 භාවිතා කරන ඔබ වඩාත් කැමති අලුත් Settings ඇප් එකටද, නැත්නම් පරණ Control Panel එකටද? ඔබේ අදහස අපිට කියන්න. ඉදිරියේ දී Windows මෙහෙයුම් පද්ධතිය ගැන ලිපි ලියන ‍කොට ඔබේ අදහස් අපිට ‍බොහෝ වටීවි.

ලිපිය අවසානය දක්වා කි‍‍යෙව්වට ස්තූති, තවත් ‍මෙවැනිම ඉගියකින් නැවත හමුවෙමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.