ආයුබෝවන්! ඔන්න අද මම ආවේ ඔයාලට සුබ ආරංචියකුත් අරගෙන. හා හා පුරා කියලා ඔන්න මම අලුතින්ම වෙබ් ඩිසයින් කෝස් එකක් පටන් ගත්තා. ඒක නම් කරලා තියෙන්නේ ‘HTML with Basic CSS’ කියලා. ඒ කියන්නේ මේ කෝස් එකෙන් ඔයාලට HTML ඉගෙන ගන්න පුලුවන් මූලික CSS සංකල්පත් එක්කම.

මේ පාඨමාලාව අංග සම්පූර්ණ පාඨමාලාවක්. බාගෙට කරලා ඉතිරි කොටස සල්ලි වලට විකුනන එකක්වත්, අතරමග නතර කරලා දාලා ඔයාලව අතරමං කරන එකක්වත් නෙවෙයි.

Indika, it’s me!

HTML කියන්නේ වෙබ් ඩිසයින් වල හදවත, එහෙමත් නැතිනම් වෙබ් පිටුවක කොදුනාරටිය කියලා කියන්නත් පුලුවන්. ඒකෙ තේරුම තමයි, “HTML වලින් තොර වෙබ් ඩිසයින් කියලා දෙයක් මේ ලෝකේ නැහැ” කියන එක!

HTML කේත ටයිප් නොකර වෙබ් පිටු හදන්න පුලුවන් මෘදුකාංග සහ වෙබ් ඇප්ස් කොච්චර තිබුනත්, ඔයාට කොයි මොහොතක හරි ඔයාගේ වෙබ් පිටුවක HTML කේතයත් එක්ක වැඩ කරන්න සිද්ද වෙන අවස්ථාවක් එනවා. අන්න ඒ නිසයි මම කියන්නේ වෙබ් ඩිසයින් ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම සහ මුලින්ම HTML ඉගෙන ගත යුතුයි කියලා.

HTML වලින් වෙබ් පිටු හදන්න පුලුවන් වුනත් ඒ වෙබ් පිටු ඔයා අන්තර්ජාලයේ දකින වෙබ් පිටු වගේ අලංකාර නම් නැහැ, අලංකාර කරන්නත් බැහැ. ඒ නිසා HTML විතරක් ඉගෙන ගන්න ගියොත් වැඩිකල් යන්න කලින් ඔයාට HTML එපා වෙනවා, අනිවා. ඒ නිසා තමයි වෙබ් පිටු අලංකාරව, සිත් ඇදගන්නා ආකාරයට නිර්මාණය කරන්නට උදව් වෙන coding system එකක් වෙන CSS ටිකකුත් මේ කෝස් එකට මම ඇතුලත් කලේ.

හැබැයි CSS වල හැම දෙයක්ම මේ කෝස් එකේ නැහැ. HTML එපා නොවෙන විදියට ඉගෙන ගන්නත්, වෙබ් පිටුවක් සිත් ඇදගන්නා සුලු ආකාරයට නිර්මාණය කරන්නත් උදව් වෙන මූලික CSS සංකල්ප ටිකක් විතරයි මම ඇතුලත් කරලා තියෙන්නේ.

දැන් ඉතින් විස්තර කලා ඇති නේද? දැන් තමයි වැදගත් ම දේ. මේ පාඨමාලාව අංග සම්පූර්ණ පාඨමාලාවක්. බාගෙට කරලා ඉතිරි කොටස සල්ලි වලට විකුනන එකක්වත්, අතරමග නතර කරලා දාලා ඔයාලව අතරමං කරන එකක්වත් නෙවෙයි. අනිත් වැදගත්ම දේ තමයි මේ HTML with Basic CSS කෝස් එක ඔයාලට ඉදිරිපත් කරන්නේ ලෝකයේ හොදම මිලට, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ!

හැබැයි, මේ පාඨමාලාවේ වීඩියෝ එකක්වත් මග නොහැර හදාරන්න නම් ඔයාලට මගේ ITbro YouTube channel එක subscribe කරන්න වෙනවා. මොකද මේ පාඨමාලාව මම කරන්නේ මගේ YouTube channel එකෙන් විතරයි. ඔන්න ඔය පහල තියෙන බට්න් එක ඔබලා මගේ ITbro chennel එකත් එක්ක සම්බන්ධ වෙන්න.

ඒවගේම මේ පාඨමාලාව ගැන මම කරපු පළවෙනි හැදින්වීමේ වීඩියෝ එකත් පහලින් තියෙනවා ඒකත් නරඹන්න.

ප.ලි.
HTML with Basic CSS කියන්නේ මම කරන පළවෙනි වීඩියෝ සෙට් එක. ඒ නිසා ගොඩක් අඩුපාඩු, දුර්වලතා ඇති. ඒ ගැන මට සමාවෙන්න. ඒ අඩුපාඩු මට කියන්න පුලුවන් නම් ඒක මට කරන ලොකු උදව්වක්.


Indika Jayawardhana

A lovely husband and father in real life. A proud teacher in professional life. I convert my thoughts into words in this blog because I'm an addict to computer technology.

Leave a Comment on this Post

Please Login to comment
avatar
1000

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
Notify of