HTML Sinhala Tutorial – Lesson 04 – HTML Headlines & Paragraphs

Lesson 04 - HTML headlines and paragraphs

HTML Bro to Pro – HTML Sinhala tutorial මාලාවේ හතරවන පාඩම. මේ පාඩමෙන් මම ඔයාලත් එක්ක කතාබහ කරන්නේ සෑම HTML වෙබ් පිටුවකම අනිවාර්ය elements දෙකක් වන මාතෘකා සහ ඡේද ගැන.

මාතෘකාවල වැදගත්කම, h1 සිට h6 දක්වා ඇති මාතෘකා මට්ටම් හය භාවිතා කල යුත්තේ මොන මොන අවස්ථාවලද කියන කාරණාව වගේම ඡේද ගැනත් මම මෙහිදි ඔයාලත් එක්ක කතාබහ කරනවා.

ඒ වගේම වැදගත් දෙයක්, කලින් පාඩම් වල නොතිබුණු අලුත් දෙයක් මම මේ පාඩමට ඇතුලත් කරලා තියෙනවා. ඒ තමයි, exercise files එහෙමත් නැතිනම් අභ්‍යාසයක්. මින් ඉදිරියට එන හැම HTML පාඩමකටම මම මේ විදියට අභ්‍යාසයක් ඇතුලත් කරනවා.

ඔයාලට කරන්න තියෙන්නේ මම දෙන අභ්‍යාසය ඩවුන්ලෝඩ් කරලා ඒ ආකාරයටම ඔයාගේ HTML වෙබ් පිටුව නිර්මාණය කරගන්න එක.

ඒ කියන්නේ ඔයාල මගේ ඊලග HTML පාඩමට එන්නේ හොද සූදානමකින්. වීඩියෝ එකට පහලින් තියෙන ඉමේජ් එක තමයි ඔයාගේ exercise file එක. ඒ පින්තූරය උඩ right click කරලා “Save image as…” තෝරලා ඔයාට ඒක download කරගන්න පුලුවන්.

ඊට පස්සේ ඒක බලාගෙන HTML file එක හදලා කැමති නමකින් සේව් කරගන්න. කැමති නම් ඔයාට පුලුවන් ඔයාගේ HTML file එකේ screenshot එකක් කමෙන්ට් එකක් විදියට අපිට එවන්න. මම ඒක බලලා මගේ අදහස කියන්නම්.

HTML Sinhala Tutorial – HTML Headlines and Paragraphs

Exercise file

HTML Sinhala Tutorial - HTML Headlines and Paragraphs
HTML Exercise File Part 01

Subscribe our YouTube channel

මගේ ITbro YouTube channel එකට තාමත් subscribe වෙලා නැත්නම් ඔන්න ඔය පහල තියෙන බට්න් එක ක්ලික් කරලා subscribe කරන්න. එතකොට ඔයාට මම අලුතින් දාන හැම වීඩියෝ පාඩමක්ම මිස් නොකර බලන්න පුලුවන්.

ඔබේ ප්‍රශ්න හා ගැටලු අපිට කියන්න, මේ ලිපියට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා!

ඊලග පාඩමෙන් අපි ඉක්මනින්ම හමුවෙමු. ඒ පාඩමෙන් අපි වෙබ් පිටුවකට නැතිවම බැරි අංගයක් වන ‘පින්තූර’ ඇතුලත් කරන්නේ කොහොමද කියන එක ගැන කතාබහ කරමු. එතෙක්, ආයුබෝවන්!

HTML Sinhala Tutorial – Lesson 04 – HTML Headlines & Paragraphs
Please Login to comment
avatar
1000

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

  Subscribe  
Notify of
Share via
Copy link
Powered by Social Snap