ITBro is Back into the Game!

හ්ම්ම්… සෑහෙන කාලෙකට පස්සේ නේද? මාස කිහිපයක් ම ITBro වෙබ් අඩවිය ඔයාලට අලුත් නිව්ස් ගෙනාවෙ නෑනෙ නේද? සමහර විට ඔයාලා දකින්නත් ඇති අපේ වෙබ් අඩවියේ පළවී තිබූ සියලුම ලිපි මකලා දාලත් තිබුනා.

ඒක වෙබ් අඩවියේ දෝෂයක් නෙවෙයි. අපි හිතාමතා ම කරපු දෙයක් (ඇත්තටම දැන්නම් හිතෙනවා එහෙම කරපු එක අපරාදයක් කියලා). තිබුන කාර්යබහුලත්වයත් එක්ක මේ වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් දිගටම පවත්වාගෙන යනවාද, වහලා දානවාද කියලා තීරණය කරගන්න බැරුව හිතේ දෙගිඩියාවෙන් තමයි මෙච්චර කල් හිටියේ.

නමුත් අවසානයේ තීරණයකට ආවා. කොච්චර කාර්යබහුල වුනත් ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබද උනන්දුවක් දක්වන අය (විශේෂයෙන්ම ක්ෂේත්‍රයට නවකයින්) වෙනුවෙන් මේ වෙබ් අඩවිය අලු ගසලා දාලා අලුත්ම ජවයකින් නැවත පවත්වාගෙන යනවා කියලා. අපිට ඉතින් තොරතුරු තාක්ෂණය කිව්වම උණ ගැනෙන ලෙඩකුත් තියෙන නිසා කොහොමටවත් මේ වෙබ් අඩවියෙන් ඈත්වෙලා ඉන්න හිතෙන්නේ නෑ.

තොරතුරු තාක්ෂණය ගැන උණක් තියෙනවා කිව්වට අපි ලංකාවේ ඉන්න සමහර අය වගේ ඒ ෆීල්ඩ් එකේ කෙළ පැමිණි දක්ෂ මීටර් නම් නෙවෙයි. හැබැයි අපි දන්න, අලුතින් හොයා ගන්න පුංචිම දේ වුනත් තවත් නොදන්න කෙනෙකුට කියලා දෙන්න තියෙන කැමැත්තම තමයි ITBro ගේ උපතට බලපාපු එකම හේතුව!

ඉතින් ඒක නිසා අපේ වෙබ් අඩවියෙන් ‘පරිගණක තාක්ෂණය භාවිතා කරලා හදට යන්නේ කොහොමද‘ වගේ ලොකු ලොකු ටෝක්ස් බලාපොරොත්තු වෙන්න නං එපා. එදිනෙදා ජීවිතයේ දී පරිගණක භාවිතා කරන කොට ඔයාලා මුහුණපාන පොඩි පොඩි තාක්ෂණික ගැටලු වලට පිළිතුරු හොයා ගන්න නම් අපිට උදව් වෙන්න පුළුවන් වේවි.

අයිටීබ්‍රෝ ගේ එකම අරමුණත් ඒකම තමයි. ඒ නිසා ඉදිරියේ දී අපි බලාපොරොත්තු වෙනවා පරිගණකයේ විවිධ මෘදුකාංග භාවිතා කරන හැටි ගැන කියලා දෙන පාඩම් මාලා එකතුවක් ඔබ වෙත නොමිලයේ ම තිළිණ කරන්න, තාක්ෂණික ගැටලු වලට පිළිතුරු හොයා ගන්න උදව් වෙන්න. ඒ වගේම ඔයාලා හරිම ආසයි නෙ අලුත් අලුත් මෘදුකාංග වලට, ක්ෂේත්‍රයේ සිදුවන අලුත්ම නිව්ස් වලට. ඒ නිසා අපි ඒ පැත්තත් කවර් කරනවා.

අලුතින්ම පටන් ගන්න වෙබ් අඩවියක් නිසා ඔයාලාගේ අවංක අදහස් හා දිරි ගැන්වීම් අපිට බොහොම වටිනවා. ඉතින් අපේ වෙබ් අඩවිය ගැන ඔයාලාට දැනෙන දේ, පරිගණක භාවිතා කිරීමේදී ඔබ මුහුණපාන තාක්ෂණික ගැටලු වැනි ඕනෑම දෙයක් නොපමාව අපිට කියන්න. අපි එ්වාට ඉතා ඉක්මනින් පිළිතුරු ලබාදෙන්න සූදානමින් ඉන්නවා. ඒ සදහා ඔබට අපේ Contact us පිටුව මෙන්ම මේ ලිපිය ඇතුලු අනෙක් ඕනෑම ලිපියක කෙමෙන්ට් සෙක්ෂන් එකද භාවිතා කළ හැකියි.

අපේ වෙබ් අඩවියත් එක්ක හැමදාම ටච් එකේ ඉන්න, අපේ ෆේස්බුක්, ට්විටර්, ගූගල් ප්ලස් පිටුවලින් අපිත් සමග සම්බන්ධ වෙන්න පුලුවන්. ඒ වගේම අපේ අලුත්ම යාවත්කාලීන කිරීම් ඔබේ ඊමේල් ලිපිනයටම ගෙන්වා ගන්නත් පුලුවන්, ඒ සදහා අපේ ලිස්ට් එකට සම්බන්ධ වෙන්න.

ඉදිරියේදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල ව වැදගත් සංවාද සමග ඔබත් එක්ක සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

එතෙක් ඔබට සුබ දවසක්, තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුණු බලසම්පන්න ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.